ජාත්‍යන්තර “මූයි තායි ” බොක්සිං තරගාවලියක ලෝකඩ පදක්කම දිනූ ශ්‍රී ලාංකික මදාරා

0
4

මූයි තායි විවෘත බොක්සිං තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනූ මදාරා වෙදගේ දිවයිනට පැමිණ තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී එම තරගාවලිය පසුගිය 9 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වුණා.

එහිදී කිලෝ ග්‍රෑම් 71 බර පංතිය යටතේ තරග කළ මදාර වෙදගේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.

එම තරගාවලියට මැදපෙරදිග, අප්‍රිකානු කළාපයේ රටවල් රැසක ක්‍රීඩක ක්‍රීඩාකාවන් එක්ව තිබෙනවා.

දිවයිනට පැමිණි මදාරා වෙදගේ ක්‍රීඩිකාව පිළිගැනීම සදහා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,  ශ්‍රී ලංකා මූයි තායි බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ සිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

2023 වසරේ දෙසැම්බර් මස පැවති ජාතික මූයි තායි ශූරතා තරගාවලියේදී මදාරා වෙදගේ රන් පදක්කම දිනා ගනු ලැබුවා.
 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here