ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබු දරුවාත් මියයයි

0
3


ගසක් කඩා වැටීමෙන් ගම්පොළ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.

අද (10) පෙරවරුවේ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම දරුවා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුගිය සඳුදා එම ජාත්‍යන්තර පාසල පරිශ්‍රයේ ගසක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් ළමුන් තිදෙනෙකු තුවාල ලැබු අතර එහිදී එක් ළමයෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.

අනෙක් කුඩා දරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කෙරුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් දරුවෙකු දින 05කට පසු අද පෙරවරුවේ මෙලෙස මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 05 හැවිරිදි ගම්පොළ ප්‍රදේශයේ පදිංචි කුඩා දරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගාල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here