ජලය මතුපිට පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ – Sri News දේශීය පුවත්

0
7

විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙගා වොට් 1 බැගින් වූ ව්‍යාපෘති දෙක ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැව මත සහ සෙවනගල, කිරිබ්බන් වැව මත ඉදි වේ.

මෙම ව්‍යාපෘති දෙක කොරියානු රජයේ වෙළඳ, කර්මාන්ත සහ බලශක්ති අමාත්‍යංශයේ කොරියානු තාක්ෂණය වැඩි දියුණු කිරීමේ ආයතනයේ මූල්‍ය අනුග්‍රහය මත සහ යූෂින් එන්ජිනියරින්, බෝසන් පවර්ටෙක් සහ ස්කොට්‍රා සමාගම්වල තාක්ෂණික සහ ඉදිකිරීම් සහය මත ක්‍රියාත්මකයි.

මෙම ව්‍යාපෘතිය 2023 වසරේ ආරම්භ වූ අතර 2024 ජුලි මස වැඩ නිම කිරීමට බලාපොරොත්තු වේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here