Home ගොසිප් පුවත් ජයසූරියගේ වාර්තාව බිඳිමින් පැතුම් නිශ්ශංකගෙන් 210 ක්

ජයසූරියගේ වාර්තාව බිඳිමින් පැතුම් නිශ්ශංකගෙන් 210 ක්

0
6


pathum-nissanka-210-record

පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එක්දින ක්‍රිකට් තරගයේදී
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වසර 23ක් පැරණි සනත් ජයසූරියගේ වාර්තාව බිඳ දැමූ අතර, එය මෙරට පළමු ද්විත්ව ශතක ලාභියා බවටද පත් විය.ඔහු නොදැවී ලකුණු 210ක් රැස් කළේය.පැතුම් අද සහභාගී වූයේ සිය 50 වන එක්දින තරගයටයි. නිශ්ශංක පන්දු 139 දී හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 210ක් රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාවෙන් අඩකටත් වඩා රැස්කරමින් ශ්‍රී ලංකා පිලේ ඕවර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක් රැස් කළේය.
ඒ අනුව වසර 23කට පෙර 2000 වසරේ සාජා පිටියේ දී ඉන්දියාවට එරෙහි ව සනත් ජයසූරිය වාර්තා කළ ලකුණු 189 වාර්තාව අලුත් කිරීමට පැතුම් නිස්සංක සමත් විය.

එමෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.
මීට පෙර එම වාර්තාව හිමිකරගෙන සිටියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 144ක් රැස් කළ තිලකරත්න ඩිල්ශාන් විසිනි.
එමෙන්ම එක්දින ද්විත්ව ශතකයක් ලබාගත් ලොව 12 වන පිතිකරුවා ලෙසද පැතුම් නිශ්ශංක අද ඉතිහාස ගත විය. ඔහු ලබාගත් 210 එක්දින තරගයක පිතිකරුවෙකු තනිව ලබා ගත් 5 වන වැඩිම ලකුණු ප්‍රමාණයද වේ.
අද ඇෆ්ගනිස්තාන ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් බිඳ වැටී ලකුණු  381ක් ලබා ගත් අතර මෙම ලිපිය පළවන අවස්ථාවේ ඇෆ්ගනිස්ථාන ඉනිම ක්‍රියාත්මකය.

පැතුම් නිශ්ශංක 1998 මැයි 18 වන දින ගාල්ලේදී උපත ලැබීය. ඔහුගේ පියා සුනිල් සිල්වා ‘ග්‍රවුන්ඩ් බෝයි’ කෙනෙකු ලෙස සේවය කළ අයකු වන අතර ඔහුගේ ආදායම අඩු මට්ටමක තිබුණ බව පැතුම් පවසා තිබුණි. පැතුම්ගේ අම්මා කළුතර පන්සල ළඟ මල් විකුණු බවද ඔහු මෙනෙහි කරයි. මුල් ළමාවියේදී ඔහු හැදී වැඩුණේ දුප්පත් පවුල් පසුබිමක ය. ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ කළේ කළුතර විද්‍යාලයෙනි . ඔහු පාසල් ක්‍රිකට් ශූරතාවලියේදී කොළඹ කෝල්ට්ස් පිටියේදී රාජගිරිය ජනාධිපති විද්‍යාලයට එරෙහිව පන්දු 190කදී නොදැවී ද්විත්ව ශතකයක් (205) රැස් කළේය. ඔහු 2017 මාර්තු 17 වන දින 2016-17 දිස්ත්‍රික්ක එක්දින තරඟාවලියේදී හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් ඔහුගේ පළමු List A තරඟයට පිවිසියේය ඔහු 2018 පෙබරවාරි බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් සිය මංගල විස්සයි20 ක්‍රීඩා කළේය.
මෑත කාලීන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇදවැටීම බේරාගන්නට ජවයක් සහිත විශ්වාසවන්ත ක්‍රීඩකයෙකු බවට ඔහු සෙමින් සිය හැකියාව ගොඩනගාගෙන තිබේ.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here