ජනපති අනුර 12 වෙනිදා චීනයට

0
14


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 12 වෙනිදා චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිත බව වාර්තා වේ.

චීන රජයෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුකෙරේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන දෙවැනි නිල විදෙස් සංචාරය මෙය වේ.

මෙහිදී ඒ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ඇතුළු එරට බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව සඳහන්.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here