ජනපති අනුර යළි දිවයිනට

0
16


සිය තෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (දෙසැම්බර් 17) රාත්‍රියේ යළි මෙරටට පැමිණ තිබේ.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව නිරත වූ පළමු විදෙස් සංචාරය මෙයයි.

මෙහිදී ඒ මහතා ඉන්දීය ජනාධිපතිනිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, එරට විදේශ, මුදල් සහ සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූ අතර බුද්ධගයාව වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට ද කටයුතු කර තිබිණි.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ඇතුළු දූත පිරිසක් අනුර කුමාර දිසානායක මහතා සමග මෙම සංචාරයට එක්ව සිටියහ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here