ජනපති අනුරගේ වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස (VIDEO)

0
33


අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වත්මන් වැඩපිළිවෙළ නිසා ජනතාව අසරණ වී ඇති බවත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතාවට සහන දෙනවා කිව්වත් ජනාධිපතිවරයා ලෙස පත්වු පසු දීපු සහනයක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදී ය.

සාමාන්‍ය ජනතාව භාවිත කරන සහල් ටිකවත් හරියට දී ගන්නට බැරි බවත් මෑත කාලයේ පොල් පෝලිමක් පවා ඇතිව තිබෙන බවත් තෙල් මිල පවා අඩු කරනවා යැයි පැවසුවත් තෙල්මිලේ බරපතල අසාධාරණයක් ඇති බවත් කොමිස් හොරකම වංචාව අල්ලස නිසා පාරිභෝගික ජනතාවට අසාධාරණයක් වන බව පැවසුවත් පසුගිය දිනක තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ වෙන දෙයක් බවත් තෙල් මිල අඩු කර රටේ අනික් ජනතාව බඩගින්නෙ තියන්න බැ කියන බවත් ජනාධිපතිවරයා පත්කළ සභාපතිම ජනාධිපති කිව් දේ බොරුවක් බවට පවසන බවත් සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

ජනපතිගෙයි සභාපතිවරුන්ගෙයි කතා එකිනෙකට පරස්පරයි

ඒ අනුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ මතය වෙනස් බවත් ජනතා විමුක්ති පෙරමුණේ අය කියන කොමිස් ගැහිල්ලක් ගැන නොදන්නා බවත් තෙල් මිල අඩු කර රටවට්ටන්න බැහැ යැයි කියන බවත් මැතිවරණ වේදිකාවේ එක කතාවක් සහ ජනාධිපතිවරයා පත් කළ සභාපතිවරයා කියන කතාවත් අතර පරස්පරතා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පසුගිය රජය ගහපු කොමිස් වත්මන් රජයත් ගහනවද?



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here