ජනපති අනුරගෙන් ඉන්දියාවට හා ආසියානු කලාපයටම සහතිකයක්!

0
32


ඒ, ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතර තුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සිය සංචාරය දෙරට අතර සහයෝගය තවදුරටත් වර්ධනය කරගැනීමට අවස්ථාවක් වනු ඇති බවයි.

පසුගිය් ආර්ථික හමුවේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයද පිළිබඳවද එහිදී ජනාධිපතිවරයා අවධානය යොමුකරන ලදී.

මේ අතර දෙරට අතර පවතින ධීවර ගැටළුවට ද කල්පවතින තිරසාර විසඳුමක් ලබාදීම අවශ්‍ය බවයි ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ.

ඉන්දීය ධීවරයින් සිය කර්මාන්තය සිදුකිරීමේදී නීති විරෝධී ක්‍රම භාවිතා අකරණ හෙයින් එය ධීවර කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බවත් එය වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් අනුර දිසානායක මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ අතර ඉන්දියාවේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම ගැනද ජනාධිපතවරයා අදහස් දක්වා සිටින ලදී.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here