චර්ම රෝග වළක්වා ගැනීමට එදිනෙදා අපට පහසුවෙන් කලහැකි දේවල්… ආහාර හා පාන වර්ග …

0
7


චර්ම රෝග වළක්වා ගැනීමට එදිනෙදා අපට පහසුවෙන් කලහැකි දේවල්…

🔴 ආහාර හා පාන වර්ග
••••••••••••••••••••••••••••••••••••

🔶. තිබහ දැනෙන තුරු නොසිට නිතර ජලය පානය කරන්න. (2.5L – දිනකට)

🔶. හාතවාරිය, වැල්පෙනෙල, ඉරමුසු, ගොටුකොළ වැනි කොළ කැඳ වර්ග පානය කරන්න.

🔶. බාර්ලි ඇට තැම්බූ වතුර, බෙලිමල්, රණවරා, ඉරමුසු වැනි පාන වර්ග භාවිතා කරන්න.

🔶. කුරක්කන් කැඳ, සව් කැඳ පානය කිරීම සහ කිතුල් තලප, කුරක්කන් තලප වැනි දෑ ආහාරයට ගන්න.

🔶. ගොටුකොළ , මුකුණුවැන්න, සාරණ, නිවිති, තෝර, අඟුණ කොළ, කතුරුමුරුංගා වැනි පලා වර්ග නිතර ආහාරයට එක්කරගන්න.

🔶. ගස්ලබු, කෙසෙල්, අනෝදා, අලි පේර, පේර, දොඩම් වැනි පලතුරු නිතර ආහාරයට ගන්න.

🔶. නෙල්ලි ,රසකිඳ තැම්බූ වතුර පානය.

🔶. කෘතිම ආහාර, ක්ෂණික ආහාර, රස කාරක අඩංගු ආහාර හැකිතාක් අවම කිරීම.

🔶. ඉස්සන්, දැල්ලන්, බල මාළු, කෙලවල්ලන් වැනි උෂ්ණ මාළු වර්ග ද, මාංශ වර්ග ද අවම කිරීම.

🔶. ආහාර පිසීමේදී ව්‍යංජන වලට තක්කාලි එක් නොකර අවශ්‍ය නම් අමුවෙන් සලාද ලෙස ගන්න.

🔶. ආහාරයට සෝස්, විනාකිරි එක්කිරීම අවම කරන්න.

🔴 ආලේපන
•••••••••••••••••••

🔷. විශ්වාසවන්ත ශාකසාරමය ආලේපනයක් මුහුණේ ගැලවීමට තෝරා ගන්න.

🔷. ප්‍රමිතියෙන් තොර,පිටරටින් ගෙන්වන ලද,නොදන්නා ආලේප වර්ග පාවිච්චියෙන් වැළකීම.

🔷. බේබි සබන් වර්ග පමනක් ආලේප කිරීම.

🔷. ෂැම්පු, හෙයා ජෙල්, හෙයා ඩයි භාවිතය අවම කරන්න.

🌸 පසුගිය ලිපි 🌸
°°°°°°°°°°°°°°°°°°°°°°°°

☘️. හොදි කෑවොත් වෙන දේවල් 👇
https://m.facebook.com/story.php?story_fbid=2422178941409928&id=1839559759671852

☘️. පිළිකා සෛල නසන පපුවේ අමාරු වලකන “අහු” 👇
https://m.facebook.com/story.php?story_fbid=2319297671698056&id=1839559759671852

☘️. මුත්‍රාගල් ඇතිවීම වළකන අපේ දේශීය ආහාරපාන හා ප්‍රතිකාර 👇
https://m.facebook.com/story.php?story_fbid=2112445422383283&id=1839559759671852

☘️. දියවැඩියාව පාලනය කරන ආහාරපාන වට්ටෝරුව 👇
https://m.facebook.com/story.php?story_fbid=2340450276249462&id=1839559759671852

👩‍⚕‍ සටහන :- වෛද්‍ය ප්‍රවීනා රත්නපාල මහත්මිය, වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා
📞 𝟬𝟳𝟳-𝟯𝟯𝟴𝟱𝟱𝟰𝟭, 𝟬𝟳𝟭-𝟴𝟯𝟲𝟱𝟲𝟬𝟱
✍️ ඉදිරිපත් කිරීම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #සම #සමේ_රෝග #skin_diseases #skindiseases



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here