චර්නෝබිල්හි අමිහිරි මතකයන් – Sri News

0
2

චර්නෝබිල් බලාගාරයේ සිද්ධ වෙච්ච භයානක සිදුවීම ගැන ඔබ දැනටමත් දන්නවා ඇති. ඉතින් මේ නම ඇහෙද්දිත් අදටත් සමහර යුරෝපා ජාතීන් කම්පනයට පත්වෙනවා. ඒ තරම් මේ ව්‍යසනය අදටත් බලපවත්වන මහා ඛේදවාචකයක්.

චර්නෝබිල් බලාගාරය කියන්නේ යුක්රේනයේ තිබ්බ න්‍යෂ්ටික බලාගාරයක්. මීට අවුරුදු හතළිහකට පමණ ඉහතදී තමයි මේක ඉදිවෙන්නෙ. මේ බලාගාරය පිහිටලා තිබ්බේ ප්‍රිප්‍යට් කියන නගරයේ. මේ බලාගාරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (Nuclear Reactors) හතරකින් සමන්විත වුණා. ඒවා වලින් දෙකක් ඉදිකරලා තියෙන්නේ 1977 සහ 1978 වසර වල දීයි. ඊට පස්සේ ඉදිකරපු ප්‍රතික්‍රියා කාරක ඉදිකරලා තියෙන්නේ 1981 සහ 1983 අවුරුදු වලදීයි…

ඉතින් මේ යුක්රේනයේ මේ බලාගාරය තිබෙන ප්‍රදේශය තරමක් ජනගහණය අඩු ප්‍රදේශයක්. ඒ වගේම මේ බලාගාරය ට කිලෝමීටර් තුනකට නුදුරින් පිහිටි ප්‍රිප්‍යත් නගරයෙත් 49,000 පමණ තරමක් අඩු ජනගහනක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ පැරණි චර්නෝබිල්හි බලාගාරයට ප්‍රිප්‍යත් නගරයට කිලෝමීටර් 15කට ඈතින් වෙන්න තියෙන නගරයේ ජනගහනය 12,500 විතරවෙන්නේ. මේ චර්නෝබිල්හි බලාගාරයට කිලෝමීටර් තිහක් ඇතුළත ජනගහනය 115 000 හා 135 000 අතර සංඛ්‍යාවක් කියලයි වාර්තාවෙන්නේ.


ඉතින් මේ මහා විනාශය සිද්ධ වුනේ 1986 වසරේ අප්‍රේල් 26 වෙනිදා. ඒකියන්නේ මීට අවුරුදු 35කටත් වඩා කාලෙකට කලින්. මේ විනාශයට හේතුව වුනේ 1986 වසරේ අප්‍රේල් 25 වෙනිදා අන්තිමට ඉදිකරපු ප්‍රතික්‍රියා කාරකයක ප්‍රතිසස්කරණය කටයුත්තකින් පසුවයි. මේ කාරකයේ ප්‍රතිසංස්කරණයට හේතු වුනේ ඒ කාරකයට අලුතින් නිපදවපු වෝල්ටීයතා පාලකයක් අත්හදා කරන් අවශ්‍ය වුණු නිසා. ඉතින් එහි මොකක් හරි දෝශයක් හින්දා මේ බලාගාරයම පුපුරලාගියා…


මේ ඛේදවාචකයෙන් මියගියේ මිනිසුන් දෙන්නෙක් විතරයි. ඒ වුනාට ඒ සිද්ධ වුණු ඛේදවාචකයත් පොඩ්ඩක් වත් සුළුපටු නැහැ. මොකද දන්නවද මේ හින්දා මේ අවට පරිසරයට ගොඩාක් අහිතකර විකරණශිලී ද්‍රව්‍ය රැසක් එකතු වෙනවා. මේ හින්දා යුක්රේනයේ ගොඩාක් ආර්ථිකමය විතරක් නෙමේ සමාජියවත් ලොකු පසුබෑමකට ලක්වෙනවා. මේ මහා ඛේදවාචකය නිසා ඒ අවට මූළු ප්‍රදේශයම අතහැර දනවා. ඒ විතරක් නෙමේ සමහර දත්ත ලේඛනවලට අනුව මුළු යුරෝපයෙන්ම 75% විතර මේ චර්නෝබිල් අනතුර හින්දා විකරණ වලින් ආවරණය වුණා කියලා.


ඉතින් ලෝකේ දැනට වෙලාතියෙන භයානකම අනතුර විදියට වාර්තා වෙන්නෙත් මේ චර්නෝබිල් විනාශය. ඉතින් මේ හින්දා රුසියාවෙත් ලක්ෂ දෙකකට අධික ජනතාවකට වාසස්ථාන පවා අහිමිවුනා. ඒන් මේ ව්‍යසනයට හේතුවවත් තාම හොයාගෙන නෑ. මේ ප්‍රදේශය දැන් ඇත්තටම ගන්නම දෙයක් නෑ. කොටින්ම කියනවනම් කෘෂිකර්මයටවත් මේ ප්‍රදේශය සුදුසු නෑ.. වර්තමානයේදී මේ භූමිය යුක්රේනයේ ප්‍රථම සූර්‍ය බලාගාරය විදියට නැවත ඉදිකරන්නත් දැනටමත් කටයුතු කරමින් යනවා.


මේ චර්නෝබල් ඛේදවාචකය ගැන ගොඩාක් චිත්‍රපට, කෘතින්, ටීවී සිරියස් බිහිවුනා. 2019 වසරේ විකාශනය වෙච්ච HBO නාලිකාවේ චර්නෝබිල් රූපවාහිනී කතා මාලාව නිසාත් මේ කතපුවත අපේ රටෙත් ගොඩාක් ප්‍රසිද්ධ වුනා. ඒ වගේම චර්නොබිල්හි රැයක් නමින් ඉංග්‍රීසි කෘතියක පරිවර්තනයකුත් පසුගිය වසරක බිහිවුණා. ඒකත් පුළුවන්නම් හොයාගෙන කියවන්න ..

මේ ඛේදවාචකය ගැන ඔබ දන්න වෙනත් දෙවලුත් අපිත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා…

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here