ගෝලීය ස්වෛරී ණය පිළිබද වටමේස සාකච්ඡාවට රාජ්‍ය ඇමති ශෙහාන් එක් වෙයි – Sri News දේශීය පුවත්

0
4

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,  ලෝක බැංකුව සහ ජී 20 සංවිධානයට අයත් රටවල් මෙහෙයවන ගෝලීය ස්වෛරී ණය පිළිබද වටමේස  සාකච්ඡාවට එක් වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  මහතා තවත් ආයතන හා නිලධාරීන් කිහිප දෙනෙකු හමු වී සාකච්ඡා කළා.

වටමේස සාකච්ඡාව අතරතුර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝජිවා මහත්මිය හමු වී සාකච්ඡා කිරීමට ද ශෙහාන් සේමසිංහ  මහතා ක්‍රියා කළා.

ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාටින් රයිසර් මහතා සමග සේමසිංහ මහතා සාකච්ඡා කළා.

මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ පැවති තත්ත්වය හා අද වන විට රට වඩාත් යහපත් තත්ත්වයනක පවතින බවයි රයිසන් මහතා ප්‍රකාශ කළේ.

ලෝක බැංකුවේ අනුග්‍රහය යටතේ ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව ක්‍රියාත්මක කිරීම පිළිබදව සහ ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබදව ද ඔහු ප්‍රශංසා කළා.ලෝක බැංකුව තවදුරටත් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවයි මාර්ටින් රයිසර් මහතා කියා සිටියේ.

ලෝක බැංකු සමූහයේ ප්‍රධාන පරිපාලන නිලධාරී වෙන්කායි ෂැං මහතා හමු වූ සේමසිංහ මහතා ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය සම්බන්ධයෙන් ස්තුතිය පල කළා. මෑත කාලයේ ලබා ගෙන ඇති ආර්ථික වර්ධනය මෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබදව ද සාකච්ඡා කෙරුණා.

මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කපෝත් මහතා සමග ද සේමසිංහ මහතා සාකච්ඡා කළා. මෙරට ක්‍රියාත්මක පාලන ප්‍රතිසංස්කරණ පිළිබද  මෙහිදී වැඩි අවධානය යොමු වුණා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here