ගෙදර වැඩවලට නොහිතපු විදියට උදව් දෙන ඇප් 7ක් – Sri News

0
2

ගෙදර වැඩපොළ කරගන්න මේ තාක්ෂණික යුගයේ ඇප් එකක් දෙකක් පාවිච්චි කරන්නේ නැත්තම් ඇති වැඩක් තියනවද? ජීවිතය නොහිතපු විදියට පහසු කරවන ඇප් කාර්‍යබහුල ජීවිතයක් ගත කරන ඔබ සියලු දෙනා ගාව ම තියෙන්න ඕනි. කාර්‍යබහුලයි කියලා ගෙදර වැඩ බල්ලට දාලා තියන්න බෑනේ. විවිධ පැතිවලින් ඔබට උදව් දෙන මේ ඇප් ගැන දැනගමු එහෙනම්.



තමන්ට ම කියලා පෞද්ගලික ව ගණන් හිලව් තියන නිලධාරියෙක් ඉන්නවා නම් කොහොම ද? එහෙම කෙනෙක් තමයි Monefy. අද කාලේ ගොඩ දෙනෙක්ට වෙ​න වැඩක් තමයි මාසික පඩියට එහා අවශ්‍යතා එක්ක ඔක්කෝම අනාගෙන වැඩ අවුල් කරගන්න එක. Monefy එක්ක පුළුවන් සකසුරුවම්කමකින් ජීවත් වෙන්න. මේකේ තියෙන ආකර්ෂණීය ඉන්ටර්ෆේස් එක නිසා පාවිච්චි කරන්නත් ඉතාම ලේසියි. අපිට යන වියදම් එක එක විදියට වර්ග කරලා තියනවා. මේක නිකන් දත්ත ගබඩාවක් වගේ ම තමයි. අපි මොකක් හරි දෙයකට වියදමක් කරපු සැනින් Monefyව දැනුවත් කරන්න තියෙන්නේ. අනික් අතට එයා ඔයාට වියහියදම් ටික පෙන්වනවා.



උදේට ඇහැරෙන එක එහෙමත් නැත්නම් හවසට පොඩි නැප් එකක් දාලා ඇහැරෙන්න වෙන එක තරම් අපත දෙයක් තියනවද? සමහර එලාම් ඇහෙන්නෙත් නෑ. සමහර ඒවා ඇහුණත් ගාණක් නෑ. ඒත් Alarmy එක්ක ඔය සෙල්ලම් නෑ. අනිවා ඇහැරෙන්න ම වෙනවා. මෙයාලා ගාව සාමාන්‍යයෙන් ෆෝන් එකේ තියෙන එලාම් එකට වඩා අමුතු අමුතු සද්ද තියනවා. Loud ringtones කියලා සෙට් එකක් තියනවා ඇහුණ ගමන් ඇහැරෙනවා සුවර් සොට්. ඒ වගේ ම මේකේ සමහර තෝරාගැනීම් තියනවා ඇඳෙන් බිමට බස්සලා නිදිමත අනිවා නැති කරවන. ඒ තමයි එලාම් එක ඕෆ් වෙන්න නම් නානකාමරේ වගේ ෆොටෝ එකක් ගන්න එක, ගණිත ගැටලු විසඳන එක වගේ ඒවා.



ගෙදරට එක පාරට කොහෙන් හරි අමුත්තෝ රොත්තක් කඩන් වැටුණා ම කන්න දෙන්න තියෙන්නේ හුළං විස්කෝතු විතර නම් වැඩේ අවුල්. හදිසි බඩගින්නකට මයිලෝ හැන්දක්වත් කන්න කුස්සියේ දෙයක් නැත්නම් හොඳටෝ ම අවුල්. අන්න ඒ වෙලාවට තමයි Uber Eats වටින්නේ. දැනටමත් ශ්‍රී ලාංකිකයන් බොහෝමයක් දෙනා භාවිත කරන මේ ඇප් එක අපේ දෛනික ජීවිතේ එක්ක බැඳිලා ඉවරයි. අපි ඉන්න තැන දැම්මා ම අවට තියෙන රෙස්ටෝරන්ට්වලින් අපිට කෑම ගෙන්නලා දෙන එක තමයි කරන්නේ. වැඩේ හරි ම ලේසියි. ආ මේ ඇබ්බැහි වෙන්න පුළුවන් ඉතින්.



අම්මෝ ඉතින් ගෙදරක කොයි තරම් නම් දේවල් වෙනවා ද? කීයක් දේවල් මතක තියා ගන්න ද? Cozi එකෙන් කරන්නේ ඒ වැඩේ පහසු කරවන එක. වෙලාවකට ඩයරියක්, බඩු ලැයිස්තුවක්, කාල සටහනක්, කෑම වට්ටෝරු ගොඩක්. මේ ඇප් එක පවුලේ සාමාජිකයන් වෙන් වෙන් වශයෙන් අරගෙන එයාලාගේ ජීවිතේ වෙන දේවල් සඳහන් කරගන්න පුළුවන් විදියටත් හදලා තියනවා. ළමයි ගොඩක් ඉන්න ගෙදරක ඒ ළමයින්ගේ ඉස්කෝලේ රැස්වීම්, පන්ති තියන වෙලාවල්, ක්‍රීඩා වගේ දේවල් ගැන වෙන වෙන ම විස්තර සඳහන් කරගන්න පුළුවන්.



ඔක්කොමත් හරි ගෙවල් අස්පස් කරන එක තරම් කම්මැලි එපා කරපු වැඩක් තව තියේ ද ඉතින්? ඒ වැඩේ කම්මැලි නැති ආතල් වැඩක් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. මේකේ පිරිසිදු කරන ස්ථාන ටික තියනවා. තව එතකොට අපි කොච්චර කාලෙකින් අදාළ ස්ථානය අස් කරලා නැති ද කියන එක පෙන්වනවා. ඒකට ඉතින් අපි අදාළ වැඩය කරලා ඇප් එක අප්ඩේට් කරන්න ඕනි. ඊට අමතර ව task manager කෙනෙක් විදියටත් මේ ඇප් එක වැඩ කරනවා.



ඕන වැඩක් කියන්නේ ලංකාවට අලුත් වැඩක්. අපිට ගෙදර මොකක් හරි අලුත්වැඩියා වැඩක් කරගන්න ගියාම ඒකට ගැලපෙන අය හොයන්න අමු කට්ටක් කන්න එපැයි. සමහර විට එහෙම හොයලා දෙන කෙනාටත් ගතමනාවක් දෙන්න වෙනවා. ඒත් ඕන වැඩක් එක්ක ඒක හරි ම ලේසියි. තමන්ට අවශ්‍ය වැඩේ දැම්මා ම ඒකට හරියන ම කෙනෙක් හොයාගන්න පුළුවන්. ඇප් එකේ ඉන්ටර්ෆේස් එකත් වැඩිය අනම්මනම් නෑ හොඳට ම හොඳයි.



Frimi තමයි අද කාලෙ ඩිජිටල් වොලට් එක. බැංකුවට නොයා බැංකුව ගෙදරට ම අරගෙන එන Frimi නිසා බැංකු කටයුතු විතරක් ම නෙවේ ගෙදර බිල් ගෙවන එකත් හරිම ලේසි වැඩක් වෙලා තියනවා. ලංකාවේ හැම වාණිජ බැංකුවක් ම වගේ Frimi එක්ක සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ ම බිල් ගෙවන එක ගැන කතා කරොත් දුරකථන, විදුලි, ජල වගේ ඒවා ගෙදර ඉඳන් ම ගෙවන්න පුළුවන්. රීලෝඩ් දාගන්න පහසුකමත් තියනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here