ගෙදර ලයිට් බිල අඩු කරවන නොවරදින ට්‍රික්ස් මේවා තමයි! – Sri News

0
4

දැන් කාලේ මුළු රටම තියෙන්නේ බොහොම අර්බුදකාරී තත්වයක කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අපි හැමෝටම ඒක දැනෙනවා. එතනදී විශේෂයෙන්ම බලශක්ති අර්බුදය මේ වෙනකොට රටටම දැනිලා තියෙන්නේ. හරි, දැන් ඔය ප්‍රශ්නේ එක්ක කරන්ට් නෑ. ඒ වගේම කරන්ට් බිල සෑහෙන ප්‍රමාණයකින් වැඩි කරන්න නියමිතයි. අපිට එහෙම තත්වයක් යටතේ ගෙදර කරන්ට් බිල අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? ඒ කියන්නේ නිස්කාරණේ දාලා තියෙන ලයිට් ඕෆ් කරලා දානවා ඇරෙන්න, කරන්ට් බිල අඩු කරගන්න වෙන කරන්න පුලුවන් දේවල් නැද්ද? තියෙනවා. අපි නොහිතන ක්‍රම වලින් කරන්ට් බිල අඩු කරගන්න පුලුවන්. ඒකෙන් අපේ විදුලි පරිභෝජනය කළමනාකරණය වෙලා බිලත් අඩු වෙනවා, ඒ වගේම රටටත් බලශක්ති ඉතුරුවක් වෙනවා. ආන්න ඒ නිසා, අපි බලමු එහෙම කරන්ට් බිල අඩු කරගන්න කරන්න පුලුවන් නොවරදින ට්‍රික්ස් මොනවද කියලා!

 

දැන් ඔය අපිට ෆෝන් කෝල්ස් වලදී, එතකොට ඉන්ටර්නෙට් පාවිච්චියේදී එහෙම කොටස් දෙකකට කඩලනෙ දෙන්නේ. පීක් සහ ඕෆ් පීක්. එතනින් පීක් කියන්නේ හැමෝම පාවිච්චි කරන, ඉල්ලුම වැඩිම වෙලාව. ගොඩක් වෙලාවට පීක් කියලා හැඳින්වෙන්නේ දවසේ දවල් කාලය. එතකොට ඕෆ් පීක් කියන්නේ මිනිස්සු වැඩි දෙනෙක් පාවිච්චි නොකරන ඉල්ලුම අඩු වෙලාව. ගොඩක් වෙලාවට හැමෝම නින්දට වැටෙන මැදියම් රාත්‍රිය. කරන්ට් බිලටත් එහෙම එකක් තියෙනවා. අන්න ඒ නිසා මේ පීක් සහ ඕෆ් පීක් පැය ගාණ මොනවද කියලා තේරුම් අරගෙන, ඒ අනුව රෙදි සේදීම, වතුර මෝටරේ ගැසීම වගේ තමන්ට කරන්ට් එක ගොඩක් යන වැඩ යොදාගන්න එක ඇත්තටම තමන්ටත් ඉතුරුවක්, ග්‍රිඩ් එකටත් ඉතුරුවක්.

 

මේක ඉතින් කිසිම ශ්‍රී ලාංකිකයෙක් සීරියස් ගන්න දෙයක්ද කියලා සැකයි. දැන් අපි ගෙදරක් ගත්තොත් පාවිච්චි කරන විදුලි උපකරණ කොයි තරම් තියෙනවද? ඒවැයින් කීයක් නම් ස්ථිරවම විදුලියට සම්බන්ධ කරලද තියෙන්නේ? මේ කියන්නේ ඔන් එකේ තියනවා කියන එක නෙවෙයි. විදුලි උපකරණය ඕෆ් කරලා තියෙන්නේ. හැබැයි ප්ලග් එකෙන් විදුලි කෙවෙනියට සම්බන්ධ කරලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඔය දිනපතා පාවිච්චි වෙන ටීවී කම්පියුටර් වගේ එව්වා නං සදාකාලිකවම කරන්ට් එකට ගහලා! මෙතන ප්‍රශ්නේ මේකයි. මෙහෙම ගහලා තියෙනකොටත් යම් කිසි බලශක්තියක් නාස්ති වෙනවා. ඇයි? නිකමට හිතන්න, ටීවී එක ඕෆ් කරලා වුණත් කරන්ට් එකට ගහලා තියෙනකොට ඒකේ රතු පොඩි ලයිට් එකක් පත්තු වෙනවා නේද? අද කාලේ තියෙන ගොඩක් විදුලි උපාංග වල ස්ටෑන්ඩ් බයි මෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඕෆ් කරලා තිබ්බත් ඕන වෙලාවක පට ගාලා ඔන් වෙන්න ලෑස්ති පිට තියෙන්නේ. අන්න ඒකටත් ඉතාම සුළු හෝ විදුලියක් වැය වෙනවා. අන්න ඒ නිසා හොඳම දේ තමයි, මොකක් හරි පාවිච්චි කරන්නෙ නැති නම් කෙලින්ම ප්ලග් පොයින්ට් එකේ තියෙන ස්විච් එකෙන් ඕෆ් කරලා තියන එක. එතකොට මාසෙකට වඩා කාලයක් ඔන් නොකරපු මොකක් හරි උපාංගයක් තියෙනවා නම් කෙලින්ම ප්ලග් එකෙන්ම ගලවලා තියන එක.

 

මේක ඉතින් අදාළ වෙන්නේ ගෙදර ඒසී එකක් එහෙම තියන අයට තමයි. සමහර වෙලාවට මේ කතාව ඔය එයාර් කූලර් වගේ එව්වටත් අදාළයි. දැන් ඕවා ඇතුළේ ඉතාම ඉක්මනට දූවිලි බැඳෙනවනේ. නිකමට ඒසී එකක් එහෙම මාස කීපෙක පාවිච්චියකින් පස්සේ ගලවලා බැලුවොත් පෙනෙයි මේ කියන කතාව කොයි තරම් ඇත්තද කියලා. අන්න ඒ නිසා, ඒසී හෝ එයාර් කූලර් හෝ වැඩ කරන එක දැනෙන තරමට අඩු වෙනකල් අවුරුදු ගණන් ඔහේ දුවනවට වඩා, මාස කීපෙකට වරක් සුද්ධ කරලා එයාර් කන්ඩිෂන් ෆිල්ටර් එක මාරු කරන්න පුලුවන් නම්, ඒකෙන් සිස්ටම් එක කුණු දූවිලි වලින් අවහිර වෙලා අමාරුවෙන් දුවන තත්වය නැතිවෙනවා. අන්න එතකොට ඒකෙන් ඇදගන්න කරන්ට් එකත් ප්‍රශස්ත මට්ටමක තියෙනවා.

 

දැන් වොෂින් මැෂින් පාවිච්චි කරන අය දන්නවනේ එක් එක් වොෂින් මැෂින් එන්නේ එක වරකට හෝදන්න පුලුවන් රෙදි ලෝඩ් එක මෙච්චරයි කියන උපදෙස් පිට කියලා. එතකොට ඊට වඩා රෙදි දාන එක මැෂිමට අවුල්. ඒක හරි. හැබැයි ගොඩක් අය ඉන්නවා, ඇත්තටම වොෂින් මැෂින් එකට කරදරයක් නැතුව හෝදන්න පුලුවන් ප්‍රමාණෙට වඩා ඉතාම අඩුවෙන් රෙදි දාලා හෝදන. සමහරු නම් හදිසියට ඇඳුම් දෙක තුන විතරක් වොෂින් මැෂින් එකට දාලා හෝදගන්න අවස්ථාත් තියෙනවා. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. වොෂින් මැෂින් එකක් ක්‍රියාත්මක වෙන්න සාපේක්ෂව වැඩි බලශක්තියක් ඇද ගන්නවා. එතකොට එක පාර රෙදි දෙකක් හේදුවත්, එක පාර රෙදි විස්සක් හේදුවත් වොෂින් මැෂින් එකට ඕන ඒ අවම බලශක්තිය අඩු වෙන්නෙ නෑ. එතකොට රෙදි දෙක තුන වොෂින් මැෂින් එකේ දාලා හෝදන එක කොයි තරම් බලශක්ති නාස්තියක් ද? හදිසියට එකක් හෝදගන්න නම් තියෙන්නෙ ඒක අතේ හෝදලා වැලේ දාලා වේලගන්න. වොෂින් මැෂින් එකේ උපරිම හෝදන්න පුලුවන් ප්‍රමාණයට කිළිටු රෙදි එකතුවුණහම විතරක් වොෂින් මැෂින් එකේ රෙදි හෝදලා වේලගන්න.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here