ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සලට අගුළු දමා යන්න ගිහින් – Sri News දේශීය පුවත්

0
8

වෙසක් පොහෝ දිනයේ දී ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් විසින් එකී විහාරස්ථානය වසා දමා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

එහිදී එම විහාරස්ථානයට දාන, ශීල, භාවනා කටයුතු සඳහා පැමිණි දායක දායිකාවන් මහත් අසීරුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් නිළධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී පොලිස් නිලධාරීන්ට දැක ගැනීමට හැකිව ඇත්තේ විහාරගෙය ඇතුළු ස්ථාන වසා දමා විදුලිය හා ජලය ද විසන්ධි කර දමා ඇති බවයි.

අනතුරුව එම විහාරස්ථානයේ පොහෝ දින කටයුතු සඳහා යාබද නිවෙසකින් විදුලිය හා ජලය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, වෙනත් විහාරස්ථානයකින් හිමිනමක් වඩම්මවාගෙන එම කටයුතු සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, මේ වනතෙක් විහාරාධිපති හිමිනම එම විහාරස්ථානය වෙත වැඩම කර නැහැ

The post ගිහියන් එක්ක අමනාප වූ හිමිනම වෙසක් දවසෙම පන්සලට අගුළු දමා යන්න ගිහින් appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here