ගිනස් වාර්තාවක් වෙනුවෙන්ම හදන තොරණ – Sri News දේශීය පුවත්

0
16

ලෝකයේ ලොකුම තොරණ මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා.

මෙවර වෙසක් පොහොය වෙනුවෙන් විවිධ ආකාරයේ තොරණ් ඉදිකෙරෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.

සෑම වසරකම ඉදිකෙරෙන පානදුර තොරණ මෙවර ගිනස් වාර්තාවක් තැබීම සඳහා ඉදිකෙරෙමින් පවතිනවා.

ඒ ලෝකයේ ලොකුම තොරණ ලෙසටයි.

පුවක් ගස් 400ක් යොදා ගනිමින් ඉදිකෙරෙන මෙම තොරණේ උස අඩි 82ක් වන අතර පළල අඩි 86ක් වනවා.

මෙහි විදුලු බුබුලු එක්ලක්ෂ දසදහසක් පවතිනවා.

ගොඩකවෙල අරඹදෙණිය ප්‍රදේශයේ අඩි 40ක තොරණක් මේ දිනවල නිර්මාණය වෙමින් පවතිනවා.

පාසල් ගුරුවරියක මෙම තොරණ නිර්මාණය කිරීම විශේෂත්වයක්.

2018 වසරේ පැවති රාජ්‍ය සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වු ඇය තම නිවසේ සිට මෙහි චිත්‍ර නිර්මාණය කර තිබෙනවා. රූප රාමු 8කින් මෙය සමන්විතයි.

අකුරැස්ස මාරඹ වැව මධ්‍යයේ දැවැන්ත තොරණක් මේ දිනවල ඉදිකෙරෙමින් පවතිනවා.
දෟශ්‍ය කලාවේදී (විශේෂ) උපාධිය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා හදරා තියෙනවා. ර/ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයෙන් සහ රත්නපුර ෆර්ගසන් උසස් බලිකා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබු අතර දැනට චිත්‍ර ගුරුවරියක් වශයෙන් සේවය කරන්නේ ද ර/ ඇඹි පල්ලේබැද්ද මහ විද්‍යාලයේ.

ඒ වගේම 2018 රාජ්‍ය සම්මාන උළෙලේදී මුද්‍රණ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර චිත්‍ර ප්‍රදර්ශන විශාල සංඛ්‍යාවකට චිත්‍ර ඉදිරිපත් කර ඇති අතර විවිධ තරග පලින් ජයග්‍රහණය කර තිබෙනවා.

භද්‍රඝට ජාතිකය සිතුවම් කරමින් අඩි 40ක තොරණක් මාසයක් වැනි කෙට් කලකින් නිර්මාණය කළ ජනනි කුඩා දරුවෙකුගේ කාර්ය සිදු කරමින් එය තම නිවසේ සිට නිර්මාණය කිරීම විශේෂ වන අතර අනෙක් කරුණ නම් ලංකාවේ ප්‍රථම වරට කාන්තාවක් විසින් නිර්මාණය කළ ප්‍රථම තොරණ මෙයයි.

තොරණේ රූප රාමු 08 ක් සහිතව අමතර චිත්‍ර 04 ක් සහ පාදම සහිත මෙම තොරණ නිර්මාණය කර තිබෙන්නේ ගොඩකවෙල නගරයේ අරඹදෙනිය ග්‍රාමයේයි.පත්මසිරි මහතා විසින් විදුලි ආලෝකකරණය සිදු කරන අතර තොරණ සංවිධානය එම ගම්මාන විසින සිදු කරන අතර මුල්‍යම දායකත්වය චතුරංග ජේ විතාරණ විසින්

අඩි 50 ක් උස මෙය අඩි 50 ක පලලින් යුක්තයි. උණගස් පහුරක ඉදිකළ වේදිකාවක් තුළ තොරණ නිර්මාණය කෙරෙනවා.

විදුලි බුබුලු 45,000 ක් තොරණ සදහා යොදා ගැනෙනවා.

ගම්මාන 18 ක පිරිසක් එක්වයි තොරණ නිර්මාණය කරන්නේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here