ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් ගැන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක්ගෙන් හෙළිදරව්වක් – Sri News දේශීය පුවත්

0
17

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද ප්‍රකාශ කළා.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම  ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන්  මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව  සිදුවන බව සඳහන් කළා.

බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් ලක්ෂ එකොළහක්  වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව  බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින්  ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද  ගාමිණී වලේබොඩ මහතා සඳහන් කරනවා..

එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

මෙම වංචාව සම්බන්ධයෙන්  මහා බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here