ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්තය නිසි පරිදි සුවකරගන්නා අයුරු…. ගැස්ට්&…

0
13

ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්තය නිසි පරිදි සුවකරගන්නා අයුරු….

ගැස්ට්‍රයිටිස් එහෙම නැත්නම් අම්ලපිත්තය කියන්නේ අද කාලයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුලව දැකගත හැකි කරදරකාරී රෝගී තත්වයක්. විශේෂයෙන්ම වැරදි ආහාර පුරුදු සහ අවිවේකී ජීවන රටාව තුල ඇතිවන මානසික ආතතියත් මෙයට ප්‍රධාන හේතුවක් වෙනවා.

🔴 සුලභ රෝග ලක්ෂණ ලෙස
==========================

01). නිතර බඩ පුරවා දැමීම

02). ඇඹුල් රස සහිතව සැර ස්‍රාවයක් උගුරට පැමිණීම(Acid reflux )

03). අහාර උදරයට ඇතුලු වන විට උදරය තුල ඇතිවන වේදනාව

04). වමනය සහ ඔක්කාරය ඇතිවීම

05). බඩේ,පපුවේ හා උගුරේ තද බල දැවිල්ලක් ඇතිවීම

06). තදබල හිසේ ඇතිවෙන වේදනාව හා කරකැවිල්ල

07). ආහාර අරුචිය

08). පපුව පිච්චෙන ස්වභාවය (Heart burn)

09). මුඛය තුල අමිහිරි රසයක් දැනීම සහ මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම

දක්වන්න පුලුවන්.

🔴 ගැස්ට්‍රිටිස් රෝගය ඇතිවීමට හේතු
================================

01). අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම

02). දුම්පානය

03). මානසික ආතතිය

04). බටහිර හෝ ආයුර්වේද ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව දීර්ඝකාලීනව භාවිත කිරීම

05). ආමය තුල “helicobacter pylori” වැනි බැක්ටීරියාවන් ආසාදනය වීම

06). තෙල් කෑම,පාන් පිටි කෑම,ක්ශනික කෑම වර්ග,කෘතීම රසකාරක,වර්ණ කාරක,පිපුම් කාරක අඩංගු ආහාර අධික ලෙස පරිහෝජනය

07). තේ කෝපි වැඩි වශයෙන් පානය කිරීම

08). ප්‍රධාන ආහාර වේල් නොගෙන සිටීම හෝ අතපසු වීම

09). එමෙන්ම හරක්‌මස්‌, ඉස්‌සෝ, කකුළුවන්, දැල්ලන්, අච්චාරු, අන්නාසි, තත්කාලි වැනි ආහාර වැඩි වශයෙන් පාරිභෝජනය

10). චුයින්ගම් සහ බබල්ගම් සැපීම මෙම රෝගයට ඉතාම අහිතකර පුරුද්දක් ලෙස සැලකේ. මන්දයත් මෙලෙස සැපීමෙන් මොළයට මඟින් ආහාර දිරවීමට අවශ්‍ය HCl අම්ලය ආමාශයේ නිපදවීම සිදු කෙරේ. නමුත් මෙය ව්‍යාජ සංඥාවක් නිසා, නිපදවෙන අම්ල හේතුවෙන් ආමාශයේ තුවාල ඇති විය හැකියි.

ඒ වගේම,

ඉහත රෝග ලක්‌ෂණ ඇත්නම් ඉතා සැලකිලිමත් විය යුතු අතර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.

මන්ද යත්,

• හදවත් රෝග
• ආමාශයේ තුවාල සහ පිළිකා රෝග
• අග්න්‍යාශ සම්බන්ධ රෝග
• පිත්තාශ රෝග
• අක්‌මා රෝග

වලදී ද ඉහත රෝග ලක්ෂණ ඇතිවන බැවින් ඒවා පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් හෙයිනි.

ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්තය වැනි රෝග වලින් මිදීමටත් නිරෝගී බව පවත්වා ගැනීමටත් ඔබ ආහාර ගත යුත්තේ කෙසේද යන්න දැන් සලකා බලමු.

01). ඔබ ආහාර ගන්නා විට ආමාශයෙන් භාගයක් පිරෙන ලෙස ආහාර ගන්න. ආහාර ගන්නා විට ඔබට උදරය පිරී ඇතැයි දැනෙන විටම ආහාර ගැනීම නවතා දමන්න. දැන් ඔබ ආමාශයෙන් භාගයක් ආහාර ගෙන ඇත.

02). ආහාර ගත් විගසම ජලය වැඩි ප්‍රමාණයක් පානය නොකරන්න. ආමාශයේ ඉතිරි අර්ධයෙන් අර්ධයක් පිරෙන ලෙස ජලය ස්වල්පයක්, වීදුරු භාගයක් පමණ පානය කරන්න.
දැන් ඔබගේ අහාරය දිරවීමට අවශ්‍ය ඉඩ කඩ ආමාශයේ හොදින් පවතී.

03). ප්‍රධාන ආහාර වේලෙන් (උදය සහ දහවල්) පැය 02 – 03 ත් අතර වේලාවකදී කෙටි ආහාර වේලක් ගන්න. එය හැලප, තලප, අග්ගලා, තලගුලි, තල කැරලි හෝ කෙසෙල් වැනි පලතුරක් වුවද එක්කර ගත හැක.

04). උදෑසන කිරිපිටි, මේද රහිත කිරි, තේ, කෝපි වෙනුවට කොළ කැඳ, කුරක්කන් කැඳ පානය කරන්න.

05). තෙල් කෑම, පාන් පිටි කෑම, ක්ෂණික කෑම වර්ග, කෘතීම රසකාරක, වර්ණ කාරක, පිපුම් කාරක අඩංගු ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න.

06). විශේෂයෙන් උදය ආහාරයට මුං ඇට, කඩල, කව්පි වැනි ධාන්‍ය වර්ග එක්කර ගන්න.

07). බත් සඳහා නිවුඩු තම්බපු සහල්ම එක්කර ගන්න.

08). රාත්‍රී ආහාරය නින්දට පැය 02 කට පෙර ලබා ගන්න. එය නිවුඩු තම්බපු බත් අඬු කෝප්ප එකක් හෝ එළවලු සුප් කෝප්පයක් හෝ තම්බා ගත් එළවළු පිඟානක් නම් වඩා යෝග්‍ය වේ.

09). දේශීය පළතුරු වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කර ගන්න. අනෝදා, නෙල්ලි, දේශීය දෙළුම්, කෙසෙල්, ගස්ලබු, උගුරැස්ස, පැණි දොඩම්, දං වැනි පළතුරු වඩා ගුණ දායකය.

10). නිරෝගි වැඩිහිටියෙකු අවම ලෙස ජලය ලීටර දෙක හමාරක් දිනකට පානය කරන්න.

11). කොහිල, කෙසෙල්මුව, කැකිරි, දඹල, කරවිල, තුඹ කරවිල, එළබටු, අඹරැල්ල, කොස්, පොළොස් වැනි දෑ වැඩිපුර ආහාරයට එක්කර ගන්න.

12). මැල්ල, ගොටුකොළ, සාරණ, මුගුණුවැන්න, කතුරුමුරුංගා, මුරුංගා කොළ, නිවිති, අඟුණකොළ, තෙඹු වැනි පලා වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කර ගන්න.

🔴 ගැස්ට්‍රයිටිස් රෝගයෙන් මිදීමට ඔබට නිවසේදී පානය කළ හැකි පාන වර්ග
=================================

🔶. පත්පාඩගම් තම්බා බොන්න
🔶. බාර්ලි තැම්බූ වතුර බොන්න
🔶. බෙලිමල් තැම්බූ වතුර බොන්න
🔶. ඉරමුසු තැම්බූ වතුර බොන්න
🔶. බෙලිමල් තැම්බූ වතුර බොන්න
🔶. කෝමාරිකා යුෂ පානය කරන්න
🔶. කුරුම්බා වතුර පානය කරන්න

🔶. කැහිපිත්තන් කොළ හොඳින් අඹරා පිරිසිදු රෙදි කඩකින් පෙරා අඬු කෝප්ප 1/2 ක් පමණ සවසට සකස්කර අවශ්‍යනම් සීනි ස්වල්පයක් ද මිශ්‍ර කර තබන්න. ඉන්පසුව ඔබ අඹරා පෙරා ගත් කැහිපිත්තන් කොළ ජෙලි එකක් බවට පත් වේවි. (මේ සඳහා ශීතකරණයේ ගබඩා කිරීම අත්‍යාවශය නොවේ) පසුදා අලුයම හිස්බඩ මෙය ආහාරයට ගන්න. මේ ආකාරයට සතියක් පමණ ගැනීමේදී රෝගය සුවවීමට එය මහත් උපකාරයක් වේවි. (සෙම් රොග ඇති අය සැලකිලිමත් විය යුතුයි)

ඉහත ලෙස ඔබගේ ආහාර සහ ආහාර පුරුදු වෙනස් කර ගැනීමට උනන්දු වන්න. ගැස්ට්‍රයිටිස් පමණක් නොව දියවැඩියාව වැනි බෝ නොවන රෝග ද වළක්වා ගැනීමට ඔබට මෙම උපදෙස් බොහෝ සෙයින් උපකාරී වේවි.

තෙරුවන් සරණයි!
හිතායු! සුඛායු! දීඝායු!

✍️ සටහන :- වෛද්‍ය ප්‍රසාද් විජේසේකර මහතා
📞 077-3385541
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #අම්ලපිත්තය #gastritis #Ayurvedicdrinks #Ayurvedicbeverages #herbaldrinks #healthylife #ayurvediclifestyle








Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here