ගැස්ට්‍රයිටිස් සුවකරන කොළ කැඳ පානය.. අපේ වැරදි ආහාර පුරුදු, වැරදි ඇවතුම්…

0
17

ගැස්ට්‍රයිටිස් සුවකරන කොළ කැඳ පානය..

අපේ වැරදි ආහාර පුරුදු, වැරදි ඇවතුම් පැවතුම් නිසාම හටගන්නා ජනප්‍රිය ලෙඩක් තමයි ගැස්ට්‍රයිටිස්. හැමෝම මේකට ක්ෂණික විසඳුම් හෙව්වත් ඒ ක්ෂණික විසඳුම් තුලින් දිගුලීන සුවයක් නොලැබුන බව නම් කවුරුත්ම හොඳින් දන්නා කාරණයක්.

ඒත් අද අපි කියලා දෙන්න යන්නේ ඉක්මණින් ලැබෙන ක්ෂණික විසඳුමකට එහා ගිය දීර්ඝකාලීන විසඳුමක් ගෙන දෙන හොඳ අත්බෙහෙතක් ගැනයි. ඇත්තටම මේක කොළ කැඳ පානයක්. මේකට අපි කියන්නේ කරල් සැබෝ කොළ කැඳ පානය කියලා.

කරල්හැබ හෙවත් කරල් සැබෝ බොහෝ දෙනා වල් පැළෑටියක් විදිහට හඳුනා ගත්තත් මෙය වමනය, පීනස, චර්ම රෝග, සර්පවිෂ හා අර්ශස් ආදී බොහෝ ලෙඩ රෝග ප්‍රමාණයකට ගුණදෙන හොඳ ඔසු පැළෑටියක්. ඔන්න අද අපි ඒ ඔසුවෙන් ඔබේ ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවටම සුවපත් කරන්නයි හදන්නේ..

ගැස්ට්‍රයිටිස් වලට බොහෝ අත්බෙහෙත් තිබුනත් අද අපි කියලා දෙන යන දේශීය වෙදකමේ එන මෙම අත්බෙහෙත සාදා පානය කර බලන්න. ඔබට ඉක්මණින් ගැස්ට්‍රයිටිස් රෝගය නිට්ටාවට සුවකරගත හැකි වේවි.

🔴 අවශ්‍ය ද්‍රව්‍ය :-

🔶. කරල්හැබ / කරල් සැබෝ කොළ අහුරක්
🔶. සිහින්ව ගාගත් පොල් ටිකක්
🔶. කැකුළු හාල් මිටක් හෝ හබල පෙති
🔶. රතුළූණු, සුදුළූණු
🔶. අවශ්‍ය පමණට ලුණු

🔴 සාදන අන්දම :-

කරල්හැබ කොළ හොඳට කොටා එහි යුෂ වෙන්කරගන්න. (මේ සඳහා ගල් වංගෙඩියක් හෝ මිරිස් ගලක් භාවිතා කල හැකි නම් වඩා සුදුසුයි.) ඉන්පසු කැකුළු හාල් ස්වල්පයක් ලිප තබා එය ඉදීගෙන එන විට එයට කරල්හැබ යුෂ, පොල්කිරි, ලියාගත් රතුළූණු, සුදුළූණු හා අවශ්‍ය පමණට ලුණු එකතුකර හොඳින් පැහීගෙන එනවිට ලිපෙන් බාගන්න.

මෙය උදය වරුවේ පානය කල හැකිනම් වඩාත් ගුණදායකයි.

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ගැස්ට්‍රයිටිස් සුවකරන “කැහිපිත්තන් ජෙලි” 👇
https://m.facebook.com/story.php?story_fbid=2357020461259110&id=1839559759671852

🔹ගැස්ට්‍රයිටිස් ඇතුළු ග්‍රහණිගත ආබාධ දුරලන බුදු රදුන් වදහක “බත්කාරාම” 👇
https://m.facebook.com/story.php?story_fbid=1924071701220657&id=1839559759671852

🔸ගැස්ට්‍රයිටිස් වලට හිතකර ආහාරපාන 👇
https://m.facebook.com/story.php?story_fbid=1935201820107645&id=1839559759671852

🔹ගැස්ට්‍රයිටිස් වලට ගුණදෙන “කෝමාරිකා පානය” 👇
https://m.facebook.com/story.php?story_fbid=2060927810868378&id=1839559759671852

👩‍⚕‍ තොරතුරු :- දේශීය වෛද්‍ය පුණ්‍යා රංජනී මහත්මිය
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© All Rights Reserved
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #gastritis #අම්ලපිත්තය #කරල්හැබ #කරල්සැබෝ




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here