Google search engine
Home ගොසිප් පුවත් ගැල­ණි­ගම ගුවන් පාලම අසල පෙට්ටි බෝක්කු­වක නාඳු­නන මළ සිරු­රක්

ගැල­ණි­ගම ගුවන් පාලම අසල පෙට්ටි බෝක්කු­වක නාඳු­නන මළ සිරු­රක්

0
8

 දක්ෂිණ අධි­වේගී මාර්ගයේ බණ්ඩා­ර­ගම ගැල­ණි­ගම ගුවන් පාලම අසල වතුර බැස යන
පෙට්ටි බෝක්කු­වක සැක කට­යුතු ලෙස මිය ගොස් තිබූ නාඳු­නන පිරිමි
පුද්ග­ල­ය­කුගේ මළ සිරු­රක් 21 අලු­යම හමුවූ බව බණ්ඩා­ර­ගම පොලි­සිය කියයි.
119 පොලිසි හදිසි ඇම­තුම් අංශය හරහා බණ්ඩා­ර­ගම පොලි­සි­යට ලද තොර­තු­රක්
අනුව මළ සිරුර සොයා­ගෙන ඇත. තැඹිලි පාටට හුරු දුඹුරු පාට ඉරි වැටුණු සර­මක්
සහ නිල් පාට පාටට හුරු අත් කොට කමි­ස­යක් හැඳ සිටින බව පොලි­සිය කියයි.

හිස පහ­තට නැවී තිබෙන බැවින් මුහුණ හඳු­නා­ගත නොහැකි බව පොලි­සිය සඳ­හන්
කරයි. මෙම පුද්ග­ලයා බණ්ඩා­ර­ගම සහ අවට ප්‍රදේ­ශ­වල තැන තැන ඇවිද යන
පුද්ග­ල­යකු බවට තොර­තුරු ලැබී ඇතැ­යිද ඉකුත් 19 බොල්ගොඩ පාලම අසල වැටී
සිටි­යදී බණ්ඩා­ර­ගම පොලි­සියේ නිල­ධා­රීන් විසින් 1990 ගිලන් රථ­යෙන්
බණ්ඩා­ර­ගම දිසා රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඔහුට සේල­යින් ලබා දීමෙන්
අන­තු­රුව ප්‍රකෘති තත්ත්ව­යට පත්වී­මෙන් අන­තු­රුව බල­හ­ත්කා­ර­යෙන්
රෝහ­ලින් පිටව ගොස් ඇති බවට තොර­තුරු ලැබී ඇතැයි ද පොලි­සිය සඳ­හන් කරයි.

Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here