ගැඹුරු මුහුදේ ජීවත් වන අපූරු ජීවීන් 7 දෙනෙක් – Sri News

0
4

මිනිසා දැන් අඟහරු අල්ලන්න යනවා, හඳ ආයෙත් අල්ලන්න යනවා. ඒත් අපේ පෘථිවි ගෝලය අස්සේම තියෙන ගැඹුරු මුහුද ගැන මිනිසාගේ තියෙන දැනුම අල්පයි. අභ්‍යාවකාශයට යන ඉතා සුළු පිරිසක් වෙන ගගනගාමීන් තරමටම වාසනාවන්ත පිරිසක් තමයි ගැඹුරු මුහුදු ගවේෂකයින් කියන්නේ. ගැඹුරු මුහුදේ උඩ මට්ටමේ සිටින මත්ස්‍යයින් සහ ජීවීන් ගැන යම් දැනුමක් තිබුණත් ගැඹුරු මුහුදු ජීවීන් කියන්නේ තවමත් පර්යේෂණයට ලක් වෙන ජීවීන් කොට්ඨාසයක්. අපි එයින් කිහිප දෙනෙක් ගැන බලමු.

 

මේ සතා බොහොම ආකර්ෂණීය සතෙක්. ඒත් පියවි ඇහැට දැකගන්න නම් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. මූ ඉන්නේ මූදේ මීටර තුන්දාහක් තරම් ගැඹුරු සීමාවේ. මේ සතාට තිබෙන ඇස පුදුම සහගතයි. මේ සතාට කුඩයක් වගේ පෙනුමෙන් ඉන්නට පුළුවන් වුණත් අනෙක් පස හැරිලා වෙනත් සතෙක් විදිහට පෙනී ඉන්නත් පුළුවන්. පෙනුමෙන් වැම්පයර් වවුලෙක් වගේ නිසා මූට ඒ නම ලැබෙන්න ඇති. මේ සතා නිවර්තන සහ ඒ ආශ්‍රිත ගැඹුරු මුහුදේදි වැඩිපුර හමු වෙනවා. මේ සතා සැදී ඇති ආකාරය අනුව මූට ඉතා අඩු ඔක්සිජන් මට්ටමේදිත් කිසි අවුලක් නැතුව ජීවත් වෙන්නට පුළුවන්.

 

මේ සතා අඩියක් ඒ කියන්නේ සෙන්ටිමීටර තිහක් විතර දිගයි. මූට සිරුර එක්ක බැලුවාම විසාලව අරින්න හැකි කටක් තියෙනවා. ඒ කටේ බොහොම තියුණු දත් පිහිටලා තියෙනවා කටු කටු වගේ. මේ සතා ජීවත්වෙන්නේ මීටර දෙසීයත් එක්දාස් පන්සීයත් අතර ගැඹුර මූදේ. මේ සතුන් දකින්න සාමාන්‍ය කිමිදුම්කරුවන්ට බැහැ. ගැඹුරු මුහුදට යන්න තියෙන විශේෂ යානාවලින් ගිහින් තමයි මේ සතුන් නරඹන්න වෙන්නේ.

 

සාමාන්‍ය වතුරෙදිත් හමුවෙන මේ මාළුවාට මීටර හයසීයක් තරම් ගැඹුරට ජීවත් වෙන්නට පුළුවන්. පොඩි පොඩි මොලුස්කාවන් සහ ඉස්සන් වැනි කුඩා සතුන් මූ ආහාරයට ගන්නවා. ස්කැන්ඩිනේවියානු වෙරළ තීරයේ සහ මධ්‍යධරණී මූදේදි මේ වොල්ෆ් මාළුවා වැඩිපුර හමු වෙනවා. මේ මාළුවාට විශාල ඉදිරිපස දත් සෙට් එකක් පිහිටලා තියෙනවා. මේ නිසා මේ මාළුවා පෙනුමෙන් දත් බොල්ලෑ වූ මිනිස් දත් සැට් එකක් ඇති සතෙකු ලෙස පේනවා.

 

මුන් ස්වභාවයෙන් පණුවන් වගේ සත්තු ජාතියක් මහා ඝනාවාස විදියට තමයි මුන් ජීවත් වෙන්නේ. ගැඹුරු මුහුදේ තිබෙන ශීතල, ඔක්සිජන් අඩු, අඳුරු වටපිටාවේත් මේ පණුවන් මහා විශාල තොග ගණන් එකට ජීවත් වෙනවා. මොවුන් මීටර 2000ත් 3600ත් අතර ගැඹුරු මුහුදේදී හමු වෙනවා. මේ ටියුබ් වෝම්ස්ලා වැඩිපුර ඛනිජ තියෙන ගැඹුරු මුහුදු කලාපවල වැඩිපුර ජීවත් වෙනවා. මොකද ඛනිජ ද්‍රව්‍ය බැක්ටීරියා මගින් අවශෝෂණය කරගන්න මුන්ට පුළුවන්. මුහුද යට සිදුවන ගිණිකඳු පිපිරීම් ආශ්‍රිතව මෙම පණු ඝනාවාස තිබුණොත් ඒවා ගිණිකඳු පිපිරීම් වල වැඩි උෂ්ණත්වයට නැති වෙනවා. ඒත් නැවතත් ඒක යථාතත්ත්වයට පත් වුණාම මෙම කණ්ඩායම් නැවතත් බිහිවෙන බව සොයාගෙන තියෙනවා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here