ගැජට්ස් නැති එදා හැන්දෑව මොන වගේ වුනාද ? – Our villages before televisions – Sri News

0
26

ගම්බද මෙන්ම නාගරිකවද අද කාලයේ හැන්දෑවේ පස්වරු 7-10 කාලය ඇතුලත නිවසකට ගොඩ වුවහොත් රූපවාහිනිය දෙස නෙත් යොමාගෙන එහි යන වැඩසටහන් නරඹන පිරිසක් අපට හමුවේ. තාත්තලා සීයලා මාමලා බාප්පලා මේ රට කොහි යන්නේද ලෝකයට මොනවා වී ඇතිදැයි දැනගැනීමට ප්‍රවෘත්ති සහ දේශපාලන වැඩසටහන් බලති. තවත් පිරිසක් ඉන්දියානු සහ ලංකාවේ ටෙලි නාට්‍යයේ අලුත්ම එපිසෝඩයේ කුමන පවුලක් කැඩී ඇතිද කුමන ලව් එක සාර්ථක වීදැයි බලති. දරුවන් නම් හැන්දෑවට කාටුන් බලා එහිම ජීවත් වන්නට වුවද ආස ජන කොට්ඨාශයකි. මෑත කාලීනව මොබයිල් ෆෝන් ලැප්ටොප් ජනප්‍රිය වීමත් සමග ඇතැමුන් සන්ධ්‍යා කාලයේ සිට නින්දට යනතෙක් ඒවායේම ඇලී ගැලී රාජකාරි කරති.

අද මෙන් විවිධ උපාංග ඇසුරෙන් විනෝදාස්වාදය ලබාගැනීමේ සංකල්පයක් නොතිබූ එකල අපට විනෝදය සපයන, අන්තර්ජාලය, රූපවාහිනිය, මොබයිල් ෆෝන් වැනි දේ තිබුණේ නැත. එනම් එදා රැය උදාවූ කල හරියටම මිනිස්සු මෙන්න මේ කෑල්ලෙන් විනෝද වූවාය, මෙන්න මේ මාර්ගෙන් විනෝද වූවාය කියා කොටු කරගත හැකි රාමුවක් එකල ගැමි නිවෙස්හි නොතිබුණි. විවිධ පලාත්වල ජනී ජනයා තමුන්ගේ සැන්දෑ විවේක කාලය ඔවුනට රුචි පරිදි සැහැල්ලුවෙන් විනෝදයෙන් ගත කලෝය. අපි එයින් සන්ධ්‍යා කාලය සහ රැය විනෝදයෙන් ගත කිරීමට එකල ගැමියන් භාවිතා කළ දේවල් කිහිපයක් ගැන සොයා බලමු.

 

පොල් අත්තකින් හෝ වෙනයම් ඇවිලෙන තෘණ විශේෂයකින් සැදූ හුලු අත්ත රැගෙන හේන් ගොවියා හැන්දෑ වෙනවිට හේනේ ඇති පැල කරා නික්මේ. එහි ගොස් ගිනිමැලයක් අවුලුවා ගෙන පැලට ගොඩවන හේන් ගොවියා සතර අතින් ඇති මහ වනය දෙස ඇස් දල්වාගෙන හේන් වැටඩ උඩින් අලියා, ඌරා, ගෝනා, මී හරකා ආදී සතුන් පැමිණේදැයි බලා සිටිති. මෙය පහසු රාජකාරියක් නොවේ. මේ අතර එක් ගොවියෙක් කයියක් පටන් ගනී.

කැලේ කපා වැට බැන්දා කැත්ත . . . . . . . . දනී

කුඹුර පුරා දිය බැන්දා කුඹුර . . . . . . . . . . . .දනී

සීත කකා පැල් ලැග්ගා පැදුර . . . . . . . . . . . දනී

මෙදා පැලේ වී අඩුවා අටුව . . . . . . . . . . . . .දනී

ඉන් පසු ඈත ඇසෙන තෙක් මානයේ තවත් පැලක් වෙත් නම් එහි සිටින හේන් ගොවියාද තවත් කවියක් ආරම්භ කරයි. අප පාසලේදී සිංහල පාඩම් පොතේ ඇති ජනකවි කලබලයට කඩි මුඩියට සික්ස් එයිට් තාලයට පවා ගායනා කලද සැබැවින්ම පැල් ලගින ගොවියා එකල පැල් කවියක් වදන් ඇද පැද තාලයට කාලය අරගෙන ගායනා කළෝය. එයින් පැල තුල සිටින ගොවියාගේ නින්ද පමා වනවා සේම මුළු හේන් යායේම සිටින ගොවීන් කැලට එය කදිම අත්දැකීමකි.

 

සිංහලයා සාහිත්‍ය කෘති වල සේම සාමාන්‍ය ව්‍යවහාරයේදීත් අතිශයෝක්තියට උපන් සමත් කමක් ඇත්තෙකි. කුඩා සිදුවීමක් වුවද රසවත්ව අතිශයෝක්තියෙන් දැක්වීමට එකල ගැමියෝ දක්ෂය. ගොයියා මේ පාර මොකෝ පිපිඤ්ඤා ටික පලදාව එහෙම තියෙයි..? එක් ගොවියෙක් අසන්නේය..

අනේ ඔහෙට කියන්න මොන හොඳක්ද? කොල ටික විතරයි..ඉතුරුවා ඔක්කෝම මැස්සෝ බීලා.. මේ පාර මල්ලක් කඩාගන්න තියේද කියන්නත් අමාරුයි. යැයි අනෙක් ගොවියා පිළිතුරු දෙයි. මල්ලක් වත් කඩාගන්න පිපිඤ්ඤා නැතැයි මැස්සන්ට එරෙහිව මැසිවිලි නගන ගොවියාගේ එළෝලු කොටුවෙන් ඊලග දවසේ කරත්තයක් දෙකක් පිරෙන්නට පිපිඤ්ඤා පොලට රැගෙන ගියොත් ඒ ගැන පුදුම වෙන්නට කාරි නැත. ගොවියෝ එසේය. තමුන්ට ඇති ඵලදාවක් වෙත් නම් එයට කටවහ හෝවහ වදී යැ බියෙන් කියන්නේ අඩුවෙනි..

සැන්දෑ කාලය උදාවන විට අහල පහල ගෙදරක පිල වෙත ඇදෙන වැඩිහිටියෝ එකිනෙකා අතර තමුන්ගේ ගොයිතැන, රට යන අත, ගමේ විස්තර ලෙඩ රෝග ආදිය ගැන සාකච්ඡා කරති. ඒ අතර ඇතැමෙක් කතාන්දර කීමේද රුසියෝ වෙති.

 

දමා කඩුක්කන් ඔටුණු නළල්පටි

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here