ගණිකා වෘත්තියේ යෙදුණු ප්‍රසිද්ධ පුද්ගලයෝ – Sri News

0
5

මේ කියන්නේ ජීවිතයේ යම්කිසි කාලයක ගණිකා වෘත්තියේ යෙදිලා පස්සේ කාලෙක  සමාජය තුළ ප්‍රබල ස්ථානයකට පත්වුණු අය ගැන. සමහර අය තමන්ගේ පෙර ජීවිතය ගැන ඉතාමත් විවෘතව කතා කරලා තියෙනවා. සමහර නම් දැක්කම නම් ඔයාට පුදුමත් හිතෙයි. හැබැයි අපි දෙයක් අමතක කරන්න හොඳ නෑ. ඒ තමයි මේ අය හිටපු විදිහ නෙමෙයි, මේ වෙනකොට ඉන්න විදිහයි වැදගත් කියන දේ. ඒ වගේම අපේ ආගමික සාහිත්‍යය ගත්තොත් විමුක්තිය සාක්ෂාත් කරගත්ත ගණිකාවන් ගැනත් අපිට අහන්න දකින්න ලැබෙනවානෙ.‍

 

හොලිවුඩ් සිනමාවේ ගිනි සිළුවක් විදිහට සැලකෙන මැරිලින් සිය ජීවිත කාලය පුරාම ගණිකා වෘත්තියට ඇති කැමැත්ත අමතක කළේ නෑ කිව්වොත් වැරැද්දක් නෑ. මුල් කාලයේ ඇය බෙහෙවින් දුප්පත් ජීවිතයක් ගත කළ කෙනෙක්. ඉතාම සුළු මුදලකට නිරුවත් ඡායාරූපවලට වුණත් පෙනී හිටින්න ඇය පැකිළුණේ නෑ. සමහර අවස්ථාවල ඇය නිවසේ කුලිය ගෙවීමට පවා පුද්ගලයන් සමග යහන්ගත වුණා. හොලිවුඩ් සිනමාවේ නිළියක් විදිහට සාර්ථක වෙද්දි ඇය සමාජයේ ප්‍රබල පුද්ගලයන්ට සිය සේවය සැපයුවා. ඇතැම් මතවලට අනුව ඇගේ මරණයටත් කෙනඩි ජනාධිපතිවරයා සමග ඇය පවත්වපු සබඳතාවය හේතු වුණාලු.

 

ඔව් “The Godfather” චිත්‍රපටියේ අපිට මුණ ගැහුණු මයිකල් කොර්ලියෝනි තමයි. හැබැයි පචීනෝ මේ ගැන එළිපිටම කතා කරලා තියෙනවා. ඉතාලි සම්භවයක් සහිත පවුලකින් ආපු පචීනෝට  සුන්දර ළමා කාලයක් හිමි වෙන්නෙ නෑ. දෙමව්පියන් දික්කසාද වීමත් එක්ක ඔහුට ජීවත් වීම සඳහා අරගලයක යෙදෙන්න වෙනවා. ඒ දවස්වල රංගනය ගැන හදාරන්නත් ඔහු යොමු වෙලා හිටපු කාලය. මේ නිසා ඔහුට තිබුණු එකම වත්කම විකුණන්න ඔහු තීරණය කරනවා. ඒ ඔහුගේ සිරුර. විවිධ වයස්වල කාන්තාවන්ට සේවය සැපයීම මගින් ඔහු තමන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්වලට අවශ්‍ය මුදල් හොයාගන්නවා. මේ විදිහට පිරිමි ගණිකාවක් විදිහට ජීවිතය ආරම්භ කළ පචීනෝ හොලිවුඩයෙන් බිහි වුණු දක්ෂතම රංගන ශිල්පියෙක් බවට පත් වෙනවා.

 

මාරියා කර්ෆාඤ්ඤා කියන්නේ ඉතාලියේම හිටපු “සම අවස්ථා” පිළිබඳ ඇමතිවරියක්. ඒ කාල සීමාව තුළදී ඇය එවකට ඇමති ධූරයක් දරපු සරාගිකම කාන්තාව විදිහට ඇතැම් පුවත්පත් සිදු කරපු මත විමසුම්වලින් තේරීමට පත් වුණා. ඇය ඉතාලිය තුළ වීදි ගණිකා වෘත්තිය තහනම් කිරීමට උත්සාහ කිරීමත් එක්ක සමාජයෙන් විශාල විරෝධයක් එල්ල වුණා. මාරියා දේශපාලනයට එන්න කලින් නිරූපණ ශිල්පිනියක් විදිහට උඩුකය නිරුවත්ව පෙනී සිටීම් කරලා තියන බවත්, ඒ වගේම ඇතැම් ධනවතුන් සහ දේශපාලඥයන් වෙනුවෙන් මුදලට සේවය සපයලා තියෙන බවත් කියන කාරණා ඒ විරෝධතා දැක්වූවන් විසින් මතුකරනු ලැබුවා.

 

ඇය තමන්ගේ ජීවිතය පටන් ගන්නෙ ප්‍රාථමික අංශ ගුරුවරියක් විදිහට. නමුත් තමන්ට ඒ එන ආදායම ප්‍රමාණවත් නෑ කියලා වටහාගන්න ඇය සම්බාහන මධ්‍යස්ථානයක සේවය කරන්න පටන් ගන්නවා. අවසානයේදි ඇය තෝරා ගන්නේ ගණිකා වෘත්තිය. ඇය ඒ වෘත්තියේ යෙදෙනවා විතරක් නෙමෙයි, වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සංගමයක් පිහිටුවාගෙන සටන් වදිනවා. එහි ප්‍රතිඵලයක් විදිහට නවසීලන්තය තුළ ගණිකා වෘත්තියට අදාළ නීති රීතී සංශෝධනයට ලක් වෙනවා. මේ මැදිහත්වීම් නිසා එංගලන්තයේ පහළ මන්ත්‍රී මණ්ඩලය ඇමතීමේ අවස්ථාවත් ඇයට ලැබෙනවා. ඒ වගේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඇගේ පෙනී සිටීම අගය කරමින් බ්‍රිතාන්‍යයේ දෙවෙනි එළිසබෙත් රැජින ඇයට නම්බු නාමයක් ලබා දෙනවා.

 

මේ ලිස්ට් එකට දාන එකම පරණම කෙනා වෙන්නේ තියඩෝරා අධිරාජිණිය. හේතුව තමයි ගණිකාවක් විදිහට ජීවිතය ආරම්භ කරලා රටක් පාලනයක් කරන්න සමත් වුණු කාන්තාවක් විදිහට සාධක හම්බවෙන කීපදෙනාගෙන් ප්‍රබලම චරිතය ඇය වීම. ඇය ජීවත් වීමට ක්‍රමයක් නොමැති වීම නිසා කොන්ස්තන්තිනෝපලයේ ගණිකා නිවසකට යනවා. ඇයගේ රූපය නිසා විශාල ගනුදෙනුකරුවන් ජාලයක් හැදෙනවා. අවසානයේදී ඇය කොන්ස්තන්තිනෝපලයේ අධිරාජ්‍යයා බවට පත්වෙන පළමුවැනි ජස්ටින් අධිරාජ්‍යයාගේ බිරිඳ බවට පත් වෙනවා. වරක් නගරයේ ඇති වුණු කැරැල්ලකදි අධිරාජ්‍යයා පලා යන්න උත්සාහ කළත් ඇය මැදිහත්වෙලා නැවතත් සටන් කළ යුතු බව කියනවා. මේ නිසා කැරැල්ල පරාජයට පත්වීමත් එක්ක නගරයේම ගෞරවය ඇයට ලැබෙනවා. ඇය විවිධ ආගමික නායකයන්ට සහ කලාකරුවන්ට අනුග්‍රහය දක්වනවා. ඒ වගේම ඇය තමන් යෙදිලා හිටපු වෘත්තියේ නිරතවෙන කාන්තාවෝ ගැනත් අමතක කරන්නේ නෑ. ගණිකාවන්ගේ සුබ සාධනය වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් එවකට කොන්ස්තන්තිනෝපලය තුළ පැවතුණු කාන්තාවන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියට යෙදවීම වැළක්වීමට තියඩෝරා අධිරාජිණිය ක්‍රියා කරනවා.

 

ඇය ඔලිම්පික් ක්‍රීඩා උලෙළවල් තුනකදී මැදි දුර ධාවන ඉසව්වෙන් ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කළ තැනැත්තියක්. නමුත් ඇය පසු කලක ඇතිවන මානසික අසමතුලිතතාවයක් නිසා ගණිකා වෘත්තියට යොමු වෙනවා. පසුව ඇය ඒ සඳහා ප්‍රතිකාර ගැනීමෙන් පස්සේ ඒ ජීවිතයට සමු දෙනවා. ඒ වගේම ඇය ඒ පිළිබඳව ඉතාම විවෘතවත් කතා කරනවා.

 

රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයාගේ ජීවිත කාලය පුරාවටම සෙවණැල්ලක් වගේ හිටපු ඇයත් අපි කතා කරන වෘත්තියේ යෙදුණු කෙනෙක් කියලා සාධක තියෙනවා. ඇය සහ රොනල්ඩ් රේගන් දේශපාලනයට පිවිසෙන්න කලින් නළු නිළි යුවලක් විදිහට ජීවිතය ගෙනියන්නේ. රොනල්ඩ් රේගන් මුණ ගැහෙන්න කලින් ඇය නිළියක් විදිහට ඉදිරියට එන්න අතිශය දුෂ්කර කාලයක් ගත කරනවා. මේ කාලය තුළ ඇය හොලිවුඩයේ විවිධ නළුවන්, අධ්‍යක්ෂකවරුන් සහ ව්‍යාපාරිකයන් අතර හුවමාරු වෙනවා. ජනාධිපති ආර්යාව විදිහට නැන්සි රේගන් මත්ද්‍රව්‍යවලට එරෙහිව “Just Say No” නමින් වැඩ පිළිවෙළක් ගෙනියනවා. ඇතැම් අය මේක හාස්‍යයට ලක් කරන්නෙ “Just Say Yes Nancy” කියලා ඇගේ පරණ ජීවිතය ගැන ඉඟි කරමින්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here