කෝටි ගානක් වටිනා මාල ට්‍රොලියක හංගලා පන්නන්න හදද්දී කොටු වෙයි – Sri News දේශීය පුවත්

0
8

රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලි කරත්තයක සගවා ගෙන , නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

ඔහු ගුවන් මගින් රෙදිපිළි , දුරකථන අමතර කොටස් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙක්..

මොහු 0අද (09 ) දින අලුයම 04.55 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය ගමන් මලු තබා ගෙන යන ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයෙහි සෙලෝ ටේප් යොදා මෙම මාළ දෙක අලවා සඟවා , ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කර තිබෙනවා.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා ඔහු රැගෙන ආ රන් මාළ දෙක ද සමග කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here