කොළොන්න ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ – Sri News දේශීය පුවත්

0
8

රත්නපුර – කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමේ අරමුණ ඇතිවයි මෙම පියවර ගෙන ඇත්තේ.

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 29 හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 18 ක් ඇතුළත් වන පරිදී කොළොන්න නව මහවැලි කොට්ඨාසය ප්‍රකාශයට පත්කළ බව අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසනවා.

ජනතාව මෙන්ම සිවිල් සංවිධාන සහ ප්‍රජා නායකයින් කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මහවැලි මහ සැලැස්මට අනුව උඩවලව ජලාශ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ ජනතාවට පුළුල්ව ලබාදීම අරමුණු කර ගනිමින් වලව මහවැලි ව්‍යාපාරයේ ඉහල ධාරා ප්‍රදේශය සංවර්ධනය කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කොළොන්න නව මහවැලි කොට්ඨාසයට ඉඩම් හෙක්ටයාර තිස්හත්දහස් හත්සිය හැට හතක් අයත්වන අතර ග්‍රාම නිලධාරී වසම් 47කට අයත් පවුල් 34691ක් පදිංචිව සිටිනවා.

 

 

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here