කොළඹ ප්‍රදේශයේ ගස් ගැන නවතම පරීක්ෂණ වාර්තාව එළියට – Sri News උණුසුම් පුවත්

0
10

පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කඩාවැටුණු ගස්වලින් බොහෝ සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ නොතිබූ ඒවා බවට තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහනගර සභාව පවසනවා.

වසර 50ත් 150ත් අතර පැරණි ගස් 200කට ආසන්න සංඛ්‍යාවක් අවදානම් තත්ත්වයේ ඒවා බවටයි කොළඹ මහනගර සභාව සිදු කළ විමර්ශනයක දී  අනාවරණය වී තිබෙන්නේ.

එම ගස්වලින් බොහෝ ප්‍රමාණයක් කද දිරායාම හේතුවෙන් කඩාවැටීමේ අවදානමට ලක්වී තිබු ඒවායි.

එලෙස හඳුනාගත් ගස්වලින් ගස් 100කට අධික සංඛ්‍යාවක් කපා ඉවත් කිරීමට පියවර ගත් අතර අනෙකුත් ගස්වල අතු කප්පාදු කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් නිරිත දිග මෝසම් තත්ත්වය සමග පවතින සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට කොළඹ මහනගර සීමාව තුළ ගස් 50ක් පමණ කඩා වැටී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කර තිබෙන අතර, එම ආයතනයේ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

The post කොළඹ ප්‍රදේශයේ ගස් ගැන නවතම පරීක්ෂණ වාර්තාව එළියට appeared first on Sri News.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here