කොහිල දළු තෙලට ⋆ ධරණී

0
4

අවශ්‍ය ද්‍රව්‍ය

කොහිල දළු (පොඩියට කපාගත්) 250g

තක්කාලි (පොඩියට කපාගත්) 50g

ලූනු (පොඩියට කපාගත්) 50g

අමුමිරිස් (පොඩියට කපාගත්) කරල් 3

කරපිංචා (සිහින්ව ලියාගත්) මේස හැඳි 1

කුරුඳුපොතු අඟල් 1/2

රම්පේ අඟල් 1/2

තෙල් මේස හැඳි 2

සීනි තේ හැඳි 1 1/2

සුදුලූනු තේ හැඳි 1

කහ කුඩු තේ හැඳි 1/2

කරි කුඩු තේ හැඳි 1

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

භාජනයක් ලිප තබා තෙල් දමා රත්වනවිට ලූනු, කරපිංචා, රම්පේ, අමුමිරිස්, කුරුඳුපොතු දමා තරමක් බැදගන්න.

එයට කහ කුඩු, කරි කුඩු, සුදුලූනු සහ ලුණු එක්කර තත්පර 30ක් බැදගන්න.

ඉන්පසු කොහිල සහ තක්කාලි දමා හොඳට මිශ්‍ර කර භාජනය ලිපෙන් ඉවත් කරගන්න.

**වර්ණය නොවෙනස්ව තබාගන්න.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here