කොස් ඉරි බැදුම

0
7


අවශ්‍ය ද්‍රව්‍ය

කොස් ඉරි (පැසුණු ලොකු) 200g

හාල්පිටි 50g

ලූනු (සිහින්ව කපාගත්) 50g

තක්කාලි (සිහින්ව කපාගත්) 50g

අමුමිරිස් (පලාගත්) කරල් 5

බිත්තර 1

කූණිස්සන් මේස හැඳි 1

කෑලි මිරිස් මේස හැඳි 1

තෙල් අඬුකෝප්ප 1

රම්පේ, කරපිංචා, කුරුඳුපොතු

ලුණු රස අනුව

 

සාදන ක්‍රමය

කොස් ඉරි සෝදා දිය බේරෙන්න තබන්න.

පිටි, බිත්තර, ලුණු ස්වල්පයක් දමා එයට අවශ්‍ය පමණ වතුර දමා උකුවට බැටර් එකක් සාදාගන්න.

තෙල් ලිප තබා රත්වුණු විට එකට එක නෑල්ලෙන ලෙස කොස් ඉරි එකින් එක බැටර් එකේ තවරා බැදගන්න.

භාජනයකට තෙල් මේස හැඳි දෙකක් දමා රත් වූ පසු ලූනු, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු දමා බැදෙන්න හැර, කූණිස්සන් සහ කෑලි මිරිස් එක්කර තරමක් බැදෙන්න හැර තක්කාලි දමා බැදගත් කොස් ඉරි දමා කලවම් කරගන්න.

 

ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්රවර්ධක අධ්යක්ෂ ආචාර්ය පබ්ලිස් සිල්වා ඉදිරිපත් කරයි
සම්බන්ධීකරණය – ගල්කිස්ස මහ හෝටලයේ නිමාකෝ ද සිල්වා



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here