කොවිඩ් වසංගතය හමුවේ ඔබ උණුසුම් ජලය පානය කළ යුත්තේ ඇයි? පානයන් අතරින් වඩා ශ්&#x…

0
10


කොවිඩ් වසංගතය හමුවේ ඔබ උණුසුම් ජලය පානය කළ යුත්තේ ඇයි?

පානයන් අතරින් වඩා ශ්‍රෙෂ්ඨ වන්නේ ජලය පානයයි. ආයුර්වේද ග්‍රන්ථයක් වන වාග්භට ආචාරින් විසින් රචනා කරන ලද “අෂ්ඨාංගහෘද සංහිතාව” මෙයට බොහෝ මූලාශ්‍රයන් සපයයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවෙස්ගත කොවිඩ් රෝගීන් සඳහා වූ ආයුර්වේද අත්පොතෙහි සඳහන් ‘මද උණුසුම් ජල පානය’ ගැන පුර්විකාවක් සැපයීම මේ ලිපියේ අරමුණයි.

එම සම්පූර්ණ පොත ඔබට පහත Link එක හරහා Download කරගත හැකියි. 👇
https://drive.google.com/file/d/1GNoSjDDf_dYeIaXugCY2Q-TnHJxrDarP/view?usp=drivesdk

ශීත ජලය හා උණුසුම් ජලය ලෙස ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය තුළ ජල භාවිතය වෙන් වෙන්ව සඳහන් කර ඇති අතර මෙහිදී අප උණු ජලයේ භාවිතාව ගැන ආයුර්වේදීය දැක්ම විමසා බලමු.

උණුසුම් ජලය නටවා නිවාගෙන මද රස්නෙන් පානය කිරීම මඟින් මේ දිනවල පවතින වසංගත රෝග තත්වයෙන් සිරුර ආරක්ෂා කරගැනීමට පිටිවහලක් සපයයි.

උණුකරගත් ජලය හෙවත් උෂ්ණාම්බු පානයෙහි වැදගත්කම පිළිබඳව මීට වසර 3000 කට පෙර ලියැවුණු ආයුර්වේද මූලග්‍රන්ථවල දක්වයි. උෂ්ණාම්බු සැකසීම සඳහා ජලය 1/8ට හෝ 1/4ට හෝ 1/2ට සිඳ ගැනීම වඩාත් උචිතයි. එය වඩාත් ගුණදායකයි. දෛනික ජීවිතයේදී මෙලෙස ජලය පානය කරන්නේ නම් ඔබේ සිරුරට ඉන් ලැබෙන ගුණය අතිමහත් ය.

එසේ සකස් කරගන්නට නොහැකි වන විට නටවා නිවාගත් ජලය මද රස්නයෙන් පරිභෝජනය කිරීම ද සුදුසුයි.

ජලය උණු කිරිමෙන් එහි ලඝු ගුණ වැඩි වේ. එය ජීර්ණය පහසු කරයි.

උණුසුම් ජලය පානය කිරීමෙන්,

🔸ආහාර දිරවීම පහසු කරයි
🔸ඔබේ කුසගින්න උත්තේජය කරයි.
🔸අග්නිය (ආහාර ජීර්ණ ක්‍රියාවලිය) ක්‍රමවත් වීමට උපකාර කරයි.
🔸ආම රසය (නිසි ලෙස නොපැසවූ ආහාර රසය) ඇතිවීම අවම කරයි.
🔸අනවශ්‍ය සෙම් කොටස් සිරුරෙන් බැහැර කරයි.
🔸මල, මුත්‍ර ක්‍රමවත්ව බැහැර කරමින් සිරුර අභ්‍යන්තරය පිරිසිදු කිරීමට සහාය වෙයි.
🔸වාත- පිත්ත- කඵ යන දෝෂයන් සමතුලිත කිරීමට සහාය දෙයි.
🔸උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලට මෙන්ම නිදන්ගත ශ්වසන අපහසුතාවයන්ට ද ගුණදායකයි.

මේ අනුව බලන කල වර්තමානයේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත රෝගය හමුවේ රෝගීන් මුහුණ දෙන සෙම්ප්‍රතිශාව, කැස්ස, ශ්වසන අපහසුතා මෙන්ම රෝගීන්ගේ අග්නිය දුර්වල වීම නිසා ජනනය වන ආම තත්ත්වයන්, ආහාර ජීර්ණය නිසා මතුවන ගැටළු මඟහරවා ගැනීමට උණු ජලය භාවිතය වඩා ගුණ දායක බව පැහැදිලිය .

ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කල කොවිඩ් රෝගීන් සඳහා වූ අත් පොතෙහි සඳහන් ආකාරයට ඔබ මෙලෙස ක්‍රියා කල යුතුය.

🔶. උදෑසන අවදි වූ පසු මද උණුසුම් වතුර උගුරු 21ක් පමණ පානය කරන්න.

බාල තරුණ මහළු ආදී වශයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ මුඛය තුළට එකවරකට ගත හැකි ජල ප්‍රමාණය (වතුර උගුරක ප්‍රමාණය) එකිනෙකට වෙනස් වේ. මෙය සාම්ප්‍රදායික මිනුම් ක්‍රමයකි.

🔶. දවසේ අනෙකුත් සෑම විටම උණුසුම් ජලය පානය කරන්න.

පිපාසය දැනෙන විට මෙන්ම දවස පුරා ඔබේ සිරුරට අවශ්‍ය ජල පරිමාව මද උණුසුමෙන්ම ගැනීම මෙම වසංගත කාලය තුල ඉතා වැදගත් වේ.

🔶. කිසි විටෙකත් ශීත ජලය (ඇල් ජලය) පරිහරණය නොකරන්න.

ඇල් ජලය හෝ ශීත කළ ජලය මේ රෝග තත්වයේදී අපත්‍යයි. එයට හේතුව ශීත ජලය මඟින් කඵ වාතය වෘද්ධි කිරීමයි. කොවිඩ් රෝගය කඵ, වා දෝෂ ප්‍රමුඛ වන රෝගයක් බැවින් එලෙස ශීත ජලයේ භාවිතය නුසුදුසු ය.

🔶. ශීත හා උෂ්ණ ජලය එකට මිශ්‍ර කර පානය නොකල යුතුයි.

ඇතැමෙක් උණු ජලය නිවා ගැනීමේ අරමුණින් ශීත ජලය මිශ්‍ර කරති. එහිදි එකිනෙකට විරුද්ධ ගුණ සහිත ජලය කොටස් දෙකක් සම්මිශ්‍රණය වීම හේතුවෙන් සිදු වන ගුණ විපර්‍යාසය නිසා අපේක්ෂිත ප්‍රතිඵල නොලැබී යයි.

මෙම කරුණු හොඳින් වටහාගෙන නිවැරැදි ආයුර්වේද ශාස්ත්‍රානුකූල වෛද්‍ය උපදේශනයන්ට අනුව කටයුතු කර වසංගතයට සාර්ථකව මුහුණ දෙමු.

හිතායු සුඛායු දීඝායු ..!

✍️ සටහන :- දිනුෂි හංසනි ධර්මසූරිය
Admin හෙළ අරණ – Hela Arana
BAMS(ug)
දේශීය වෛද්‍ය විද්‍යායතනය
කොළඹ විශ්ව විද්‍යාලය

📃 විශේෂ ස්තුතිය :- Department of Ayurveda

https://www.facebook.com/Department-of-Ayurveda-101609298070805/

🌍 web
www.helaarana.lk
⭐ Telegram Channel
https://t.me/hela_arana
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #COVID19SL



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here