කොණ්ඩය ශක්තිමත් කරන, පාට කරන විනාඩි 20න් හදන තෙල් එක… තරුණ වැඩිහිටි කාන්තා ප…

0
9

කොණ්ඩය ශක්තිමත් කරන, පාට කරන විනාඩි 20න් හදන තෙල් එක…

තරුණ වැඩිහිටි කාන්තා පිරිමි හැම දෙනාටම හිසකෙස් සම්බන්ධව බොහෝ ගැටළු තියෙනවා. අපි පනාවක් කොණ්ඩයට ලංකරත් කෙස් ගස් අහුරු පිටින් ගැලවිලා යන්නේ අපේ කොණ්ඩය අපි හිතන තරම් ශක්තිමත් නැති නිසා. දුර්වල නිසා. වෙළඳපොලේ තියෙන තෙල් වර්ග කිසිවක් නොතිබූ යුගයක අපේ යුවතියන්ගේ කොණ්ඩය කිතුල් රෑනක් මෙන් බැබලුනේ සිරුරට අවශ්‍ය නිසි පෝෂණය, යහපත් ඇවතුම් පැවතුම් හා ඔවුන් විසින්ම සකස්කරගත් ගුණදායක තෙල් වර්ග හිසට නිරන්තරයෙන් එක්කර ගත් නිසාමයි.

ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආයුර්වේද ඔසු 05 කින් සැකසෙන හිසකෙස් වල ශක්තිමත් භාවය, වර්ණය, පැලීම නැතිකරන, හිස්හොරි වලට තිත තියන ඉතා ගුණාත්මක ඖෂධීය තෙල් වර්ගයක්. ඇත්තටම මෙය තෙල් සමඟ ආලේපයක්..

🔴 ඖෂධ තෙල සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
(සතියකට අවශ්‍ය තෙල් ප්‍රමාණයකට)

🔶. පිරිසිදු තල තෙල් අඬු කෝප්ප කාලක්
🔶. වැල්මී කුඩු මේස හැඳි 02 ක්
🔶. කළුදුරු මේස හැඳි 01 ක්
🔶. නෙල්ලි ගෙඩි 04 ක් (හොඳින් තලාගන්න)
🔶. දෙහි ගෙඩියක යුෂ

🔴 සකසන ආකාරය :-

පිරිසිදු මැටි භාජනයක් ලිප තබන්න. එයට වැල්මී කුඩු, කළුදුරු, නෙල්ලි හා දෙහි යුෂ එක්කර මද ගින්නේ හැඳිගාමින් විනාඩි 20 ක් පමණ හොඳින් තම්බාගන්න.

විනාඩි 20කට පසු මෙය ලිපෙන් බා හොඳින් නිවෙන්නට හරින්න.

පිරිසිදු කරගත් හොඳින් වැසිය හැකි වීදුරු බෝතලයක් ගෙන මෙම තෙල් ටික එහි ඇති අවශේෂ කොටස් ද (කල්ක කොටස්) සමඟ එම බෝතලයට දමාගන්න. ඔබට මෙම තෙල් එක සාමාන්‍ය පරිසරයේ සති එකහමාරක් පමණ තැබිය හැකියි.

නෑමට විනාඩි 20 කට පමණ පෙර මෙම තෙල් එහි ඇති ඖෂධීය අවශේෂ කොටස් සමඟින් හිසට එක්කරන්න. ඇඟිලිතුඩු වලින් විනාඩි කිහිපයක් හොඳින් සම්බාහනය කරන්න. විනාඩි 20 කට පසුව ස්නානය කරන්න.

මෙම තෙල් වර්ගය ඕනෑම වයසක පසුවන කාන්තා පිරිමි කිසිම භේදයකින් තොරව භාවිතා කළ හැකියි. (පීනස, සෙම් රෝග සහිත අයටද භාවිතයට සුදුසුයි)

🌸 පසුගිය ලිපි 🌸
•••••••••••••••••••••••••

🔸ගුණැති තෙල් වර්ග ගෙදරදිම හිඳින හැටි 👇
https://m.facebook.com/story.php?story_fbid=1910593889235105&id=1839559759671852

🔹ඇදහිය නොහැකි ප්‍රතිඵල දෙන විශ්මිත දුර්ලභ හෙයා ඔයිල් එක 👇
https://m.facebook.com/story.php?story_fbid=2433455226948966&id=1839559759671852

🔸අකලට හිසකෙස් සුදුවීම හා වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි 👇
https://m.facebook.com/story.php?story_fbid=2127015994259559&id=1839559759671852

🔹හිසකෙස් රැකගන්නේ මෙහෙමයි 👇
https://m.facebook.com/story.php?story_fbid=1986015331692960&id=1839559759671852

📗 මූලාශ්‍රය :- අත් බෙහෙත්
✍️ සැකසුම :- හෙළ අරණ™️
🌍 www.helaarana.lk
© Copyright Protected
………………………………………………………………
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

📌️ ඇමුණුම් ( # Tags )
—————————————–
#හෙළඅරණ #හෙළ_අරණ #Hela_Arana #helaarana #හිසකෙස් #හිසකෙස්_ගැටළු #හිසට_සත්කාර #hair #hairloss #hairtreatments #oiltreatments #healthylifestyle #ayurvedalifestyle #ayurvedalife #Ayurveda #srilankanmedicine #helamedicine




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here