කෙල්ලො නරක කොල්ලොන්ටම කැමති ඇයි? – Sri News

0
3

ගොඩක් කොල්ලො ෆේස්බුක්වල දාන අඳෝනාවක් තමයි තමුන් හොඳ අවංක කොල්ලෙක් නිසා තමුන්ට කෙල්ලෙක් නෑ කියන එක. ඇත්තටම හොඳ අවංක, අහිංසක, යුක්තිගරුක, විනීත කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙන්නෙ නැද්ද? අද සමාජෙ දිහා බලපුවාමත් ඒක ටිකක් විතර ඇත්ත කියල පේන නිසා අපි අද ලියන්නෙ කෙල්ලො නරක කොල්ලොන්ට කැමති ඇයි කියලයි. මෙහෙම බැලුවම ඇත්තටම බෑඩ් බෝයි කෙනෙක් වෙන එකෙත් වරදක් නෑ කියල ඔයාලට හිතේවි.

 

හොඳ කොල්ලො ට්‍රයි කරනව වැඩියි. උදාහරණෙකට හොඳ කොල්ලො ඩීසන්ට් වැඩි වීම නිසා කෙල්ලෙකුට ට්‍රයි කරන එක කරන්නෙ ස්ටෙප් බයි ස්ටෙප්. මුලින් හිනා වීමට හේතුවක් හදා ගැනීම, දෙවනුව හිනා වීම, තෙවනුව ළංවීම, සිවුවෙනුව කතා කිරීමට හේතුවක් හදා ගැනීම, පස් වෙනු‌ව කතා කිරීම, හයවෙනුව මිතුරන් වීම, හත් වෙනුව කැමතිදැයි මුට්ටිය දා බැලීම, අටවෙනුව තමන් කැමතියි කීම විදියට ගිහින් කිස් එකක් දෙද්දි මාස පහක් විතර ගිහිල්ල. හැබැයි නරක කොල්ලා දෙවැනි තුන්වෙනි දවසෙදිම බොහෝදුර ගිහිල්ල ඉවරයි.

 

හොඳ එකා නම්‍යශීලී නිසා කෙලින් වැඩ අඩුයි. ගෙදර කට්ටිය කියන දේට නැමෙනවා. නරක එකා කෙල්ල කැමතිනං කෙල්ලව උස්සන් යන්න දෙපාරක් හිතන්නෙ නෑ. නමුත් හොඳ එකා පොරොන්දම් බලලා දෙපැත්තෙම අම්මලගෙන් අහලා තමයි කරන්නෙ. නරක එකා තමුන් කැමති දේ වෙනුවෙන් රිස්ක් ගන්නවා. හොඳ එකා තමුන්ට ඕන දේ වෙනුවෙන් නැගී සිටින්නෙ නෑ. ඒ වෙනුවට සියළු පැති තමුන්ගෙ වැඩේට කැමති වෙනකංම වැඩ කල් ඇද ඇද ඉන්නවා. බොහෝවිට හොඳ බෝයි ලවු එක ගැන ගෙදරට කියනව. නැත්තං පෙම්වතියගෙ පාර්ශවේට කතා කරන්න යනව. එහෙම වීරියවන්ත තීරණයක් අරගෙන, හිතේ ඇති වුනු පුංචි ආදරේ කසාදයක් කියන තැනට වෙනකං සතියෙන් සතිය ගොඩදානව. ඊට පස්සෙ ගම කැවෙනව.

 

හොඳ එකා තුළ කුතුහලයක් නෑ. අච්චුව එකයි කියල කෙල්ලට ෂුවර්. යහපත් ළමයෙක්. උදයෙම අවදි වෙයි, බුදුන් නමදියි, කොණ්ඩය පැත්තට බෙදා, පිළිවෙලට හැඳ පැළඳ ගමන පිටත් වෙයි. හැබැයි බෑඩ් බෝයිස් පන්නෙ බුවාලා එහෙම නෑ. නරක කොල්ලොන්ගෙ අමුතු සරාගී ලස්සනක් කෙල්ලො දකිනවා. රැවුල වවල, ටැටූ ගහල, කොණ්ඩෙ වවලා, කිසි සැළකිල්ලක් නැති ආකර්ෂණීය බවක් උන් ඇතුළෙ ගෑණු දකිනවා. හැබැයි ඉතිං ටැටූ ගහපු හැමෝම නරක ළමයි නෙමෙයි. ඒ වගේම බෑඩ් බෝයිස්ලා සර්ප්‍රයිසින්. ‘යකා මොකාද?’ කියල හොඳ කොල්ලොන්ගෙ වගේ අඳුරගන්න බෑ.

 

ගෑණු ආසයි හදන්න. අම්මා ටයිප් වෙන්න. නරක ළමයි හොඳ කරන්න. ක්ලාස් නොඑන උන් ක්ලාස් ගෙන්න ගෙන, නෝට්ස් ලියලා දීලා, පාඩං කියල දීලා, ගොඩගන්න. නරක උන්ගෙ හදන්න දේවල් ගොඩයිනෙ. හැබැයි හොඳ බුවාලගෙ අමුතුවෙන් හදන්න දෙයක් නෑ. හොඳ උන් තමුන්ගෙ පෙම්වතියගෙ ඕනෑ එපාකම් හොයලා එයාලව කම්ෆර්ට් සෝන් එකේ තියන්න නිතරම උත්සාහ කරනවා. ඒත් නරක උන්ට ගෑණුන්ගෙ හොයා බැලිල්ල ඕන. අන්න ඒකම පැන පැන කරන්න කෙල්ලොන්ටත් ඕන.

 

සමහර කෙල්ලො තමුන්ගෙ වටිනාකම දන්නෙ නෑ. ඇත්තටම මිනිස්සු තමුන්ගෙ සබඳතා පවත්වාගෙන යන්න හොයාගන්න ඕන කාවද? ඕකෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. මිනිස්සු කැමති තමුන්ට තවත් හොඳ මිනිස්සු මුණගැහෙනවට. නරක මිනිහෙක් කියන්නෙ ජීවිතේකට රිස්ක් එකක්. ඒකෙදිත් ආදරය කරන්න නරක කෙනෙක් මුණගැහීම කියන්නෙ ලොකු අවුලක්. හැබැයි කොහොම වුනත් තමුන් කවුද? සහ තමුන්ට කවුද? කියන දේ තේරුම් ගන්නනං යමෙක් තමුන්ගෙ වටිනාකම තේරුම් අරගෙන ඉන්න ඕනමයි. එහෙම නොදන්න කෙල්ලෙක් බෑඩ් බෝයි කෙනෙකුට කැමති වෙන එක පුදුමයකුත් නැහැ.

 

පෘතග්ජන අපි හැමෝම ඇතුළෙ තරමක ජාගර සතෙක් ඉන්නව. කොටිම්ම කිවුවොත් වල් සතෙක්. මේ සතා කැමති එක්ස්පෙරිමන්ට්ස් කරන්න. නරක පිරිමියා ඇඳේදි හොඳයි කියන මතයත් එක්ක සමහර කෙල්ලො බෑඩ් බෝයිස්ලව තෝරගන්න එක හේතුවකුත් මේ බවට පත්වෙනවා. එහෙම මතයක් හැදෙන හේතුව වෙන්නෙ, හොඳ මිනිහා තමුන්ගෙ පෙම්වතියගෙ කැමැත්තට ඉඩ දීලා හිටියත්, නරක එකා පොර කැමති ටික කරන නිසායි. ඒක හුඟක් දෙනෙක්ට ලිංගිකත්වය ගැන තියන ආතල්මය ෆැන්ටසියක්.

 

ඇත්තම කතාව මේකයි මහත්තයො. කෙල්ලොන්ට වැඩිපුරම සමාජෙ තෝරගන්න ඉන්නෙ නරක කොල්ලො වෙච්චහම, නරක කොල්ලෙකුටවත් කැමති වෙනවා ඇරෙන්න වෙනිං ඔප්ෂන් එකක් නැති වෙන තත්ත්වෙකුත් එනවා. ඒ වගේම නරක කොල්ලො ගොඩ මැද්දෙ හොඳ කොල්ලව බබලනවා කියලා හිතුනට බෑඩ් බෝයි සීන් එක ඇතුළෙ තියෙන අමුතු කික් එක නිසා අර හොඳ වහන් වෙලා යනවා. අන්න ඒක නිසා හොඳ කොල්ලො ප්‍රමාණය අතිශය අඩු වීමත් කෙල්ලො බෑඩ් බෝයිස්ලා එක්ක සෙට් වෙන්න ප්‍රධානම හේතුවක්.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here