කෙටිදුර ධාවන ශූර යුපුන් ඉතාලියේදී 4 වන ස්ථානය දිනා ගනී – Sri News ක්‍රීඩා

0
11

ඉතාලියේ පැවති ධාවන තරගයකින් සිව්වන ස්ථානය දිනාගැනීමට කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන්  සමත්ව තිබෙනවා.

ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.21ක් ලෙසයි.

එම තරගයේ ප්‍රථම ස්ථානය ටෝකියෝ ඔලිම්පික් පදක්කම් ලාබී ජැකොබ් මාර්ෂල් විසින් හිමිකර ගෙන තිබුණා.

ඔහුගේ තරග නිමි කාලය දැක්වුණේ තත්ත්පර 10.07ක් ලෙසයි.

තත්ත්පර 10.00ට අඩුවෙන් යුපුන් අබේකෝන් එම තරගයට අවසන් කිරීමට හැකිවූයේ නම් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඔහුට හැකි වුණා.

එහෙත් එම තරගයේ දී ඔහුට එම මට්ටමට පැමිණීමට නොහැකි වූ අතර තවත් තරග කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බැවින් එම තරගවලදී ඔහු පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here