කුලී සහ සින්නකර පටලවා ගැනීම

0
35


ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී, රග්බි නිලවරණය තීන්දු කරන විශේෂ මහා සභාව පවත්වන මෙන් දුන් අධිකරණ තීන්දුව තව දුරටත් බල සහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ තීන්දුවක් ලබා දුන්නා.පැවති රග්බි පරිපාලනය නිසි කළට නිලවරණය පැවත්වීමට අපොහොසත්වීම මෙන්ම විශ්වසනීය ලෙස කටයුතු නොකිරීම වැනි චෝදනාවන්ට ලක් වීම නිසා එය විසුරුවා නිලවරණය පැවත්විමේ වගකීම සහ තාවකාලිකව නිලවරණය පවත්වන තෙක් රග්බි සම්මේලනයට අදාළ පරිපාලන කටයුතු කරගෙන යාමට හිටපු ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු වෙත බලය පවරනවා.

එතැන් පටන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගනු ලබන තීරණ තමන්ට තාවකාලිකව පැවරුණු රගර් පරිපාලනය සින්නංකර දේපළක් ලෙස හැසිරවීමට යාමක් බවත්,කුලී නිවැසියෙකු තමන්ට උරුම දේපළක් ලෙස සළකා කුලී නිවස වෙනස් කරන්න යාම බරපතල වරදක් බවත්,මේ හැසිරීම එවැන්නක් බව මුල සිටම පෙන්නා දුන්නත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කණකට ගත්තේ නැහැ.එහි ආදීනව අධිකරණය පෙත්සම්කරුවන් වෙනුවෙන් ලබා දුන් තීරණය තව දුරටත් දීර්ඝ කිරීමට ගත් තීරණයේ දී පැහැදිළි වුණා.

ගැසට් නිවේදනයට අනුව පැවරුණු තාවකාලික තීරණය මත අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ බලතල සීමාව ඔහු අවබෝධ කරගෙන නොසිටීම මෙන්ම රගර් ව්‍යවස්ථාව වෙනස් කිරීමේදි පවතින රගර් ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම ද පිළිගනිමින් අභියාචනාධිකරණය තව දුරටත් පෙත්සම්කරුවන්ගේ තීරණය අනුමත කිරීම මෙහිදී කැපී පෙණුනා.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම සිඳුවීමේදි ගත් පළමු තීරණයේ සිටම සදාචාරසම්පන්න වුණේ නැහැ.සාමාන්‍යයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරිම නිසා විසුරුවා හරින ලද පරිපාලනයකට එහි ලිපි ලේඛණ සමඟ කටයුතු කිරීම ලබා දෙන්නේ නැහැ.එහෙත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අමාත්‍යවරයා සහ ලෝක රගර් සම්මේලනය පිට වගකිම පටවමින් සිඳු කළේ විසුරුවන ලද රගර් පරිපාලනයේ ප්‍රධානියාම, නරියට කුකුල්ලු භාර දෙන ආකාරයට පරිපාලනයේ පහසුකම් සපයන්නා සේ පත් කර ගැනීමයි.

අමාත්‍යවරයාට හෝ ලෝක සම්මේලනයට එවැනි සදාචාර සම්පන්න නොවන වැඩකට රාජ්‍ය නිලධාරියෙක්ව යොදා ගැනීමට හැකියාවක් නැති අතර එවැනි සදාචාරසම්පන්න නොවන ක්‍රියාවක් කළ හැක්කේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟ වෙනවානම් පමණයි.මේ සිඳුවන්නේ එහි ඇති වැරදි සහගත තත්ත්වය නො‘පවසමින්,අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දේශපාලකයාගේ බහට අවනත වීමේ ආදීනවය.එතැන් සිට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තව දුරටත් විසුරුවන ලද පරිපාලනයේ තවත් පිරිස් තමන්ගේ පරිපාලනය යටතේ වගකීම් පවරමින් යොදා ගනිමින් තමන්ට පැවරුණු තාවකාලික බලය,නිශ්චිත නීති රාමුවක් යටතේ පවතින රගර් හී ව්‍යවස්තාව ද දෙවන කොට සළකමින් ක්‍රියාවට නැංවිමට ගත් උත්සාහයේදී ඔහු අතින් සිඳුවන ප්‍රධානම වැරදි අතරට,පවතින රගර් ව්‍යවස්ථාවට අනුකූලව,සංශෝධන ගෙන ආ යුතු ආකාරය සිඳු කර නැත.ව්‍යයස්ථාව වෙනස් විය යුත්තේ පවතින ව්‍යවස්ථාවේ එවැනි සංශෝධනයකට අවශ්‍යය ප්‍රතිපාදන ඔස්සේ මිස ඊට කිසිසේතුම අදාළ නොවන කරුණු සැළකිල්ලට ගෙන නොවේය.ඒ සඳහා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නට ක්‍රීඩා පණතේ ඇති බලය අනුව ඉල්ලීම් කිරීම,පහසුකම් සැපයීම,මඟ පෙන්වීම කරනු හැරෙන්නට සිය තනතුර යොදා ගෙන පවතින පරිපාලන ඒකකවලට අදාළ ව්‍යවස්ථා සංග්‍රහයන් නොසළකා කණපිට ගැසිමට නොහැකි බව අපි කිහිප විටකදීම පෙන්නා දුන්නෙමු.එහෙත් බලය විසින් තමාට දී ඇති වපසරිය කවරේද යන්න පිළිබඳව නිසි මිම්මක් නොමැතිව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සිය හැසිරීම්වලට විසිල් ගසන්නන් ඉදිරියේ ඔවුන් පිනවන සංදර්ශනකරුවෙක් පමණක් විය.ඒ ඇගයීම් සහ පිනවීම් තමන් වෙනුවෙන් කළ ඒවා නොව තමන්ගෙන් ලැබෙන පිනවීම් වැඩි කර ගැනීමට කරන ලද රංගන බව ඔය පුටුවේ සිටිය බොහෝ දෙනෙක් වටහා ගත්තේ එයින් බැස යන්නට කාරණා යෙදුණු පසුවය.
මීට පෙර සිටිය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් හැසිරුණේ සර්ව බලධාරී ලෙසය.කිසිවක් තඹයකට මායිම් නොකළේය.එසේම ඔහුගෙන් ප්‍රශස්තිකරුවන්ට ද සහන සහ සහය ලැබිණි.එහෙත් බැස ගිය පසුව ඔහු විසින් ගත් ඓතිහාසික තීරණයක් මත විදෙස් රටක් සිට විභාගය ලියා සමත් වූ දරුවන් ගැන සටහන් තබද්දි එහි ගෞරවය ඔහුට දෙන්නට සිටියේ ඔහුගේ සර්ව බලධාරි හැසිරීමට විරුද්ධව සටන් කළ අප පමණි.තවමත් නිවැරදි වී සිය පරිපාලන ජීවිතයේ පැල්ලම් ඉතුරු කර ගන්නේ නැතුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දෙසැම්බර් 3 වන දා නැවත අධිකරණයේ පෙනී සිටින විට අභියාචනාධිකරණයේ තීරණයට අනුව තමන්ගේ සීමාව තේරුම් ගෙන සහ නීතියේ ආධිපත්‍යය තේරුම් ගෙන නිලවරණයට පෙර පවත්වන විශේෂ මහා සභාව ඊට හිමිකම් අය සමඟ පවත්වා තමන් විසින් හිස පටවා ගත් තමන්ට හිමි නැති බරින් නිදහස් වේ දැයි අපි බලා සිටින්නෙමු.

ක්‍රීඩා අමාත්‍යවරියගෙන් මදකට විමසිය හැකිනම් බහුතර බලයක් සහ තුනෙන් දෙකක බලය අතර ඇති වෙනස කවරේද කියා ඇය කියා දෙනු ඇත.තුනෙන් දෙක යනු ව්‍යවස්ථාවට අදාළ කාරණයක්ය.බහුතරය,අගමැති සහ ජනපති සිටීම යන කාරණා මත පිහිටා ව්‍යවස්ථාවේ ඇති කාරණා වෙනස් කරන්නට අවශ්‍යය වන සාධක නොසළකා සිටින්නට නොහැකිය.මං ජනාධිපති මං තමයි චක්‍රලේඛය කියා කියූ ජනාධිපතිවරයෙක් ව්‍යවස්ථාව තමන් වන්නට ගත් උත්සාහය හමාර කළේ කොතැනින්ද යන්න ගැන සාධක සහ සාක්ෂි ද අමතක නොමැති බව අපි සිතමු.!

http://www.sportwaynews.com



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here