කුඹුරු ගොවිතැනින් ජීවත් වෙන පිරිසකට ලක්ෂෙ පැනපු විදුලි බිලක් – Sri News දේශීය පුවත්

0
5

තමන්ට අසාමාන්‍ය ලෙස ඉතා ඉහළ විදුලි බිලක් ලැබී ඇති බව රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ පිරිසක් පවසනවා.

අංගමුව වැවේ ධීවර කර්මාන්තයේ යෙදෙමින් සහ කුඹුරු ගොවිතැන් කරමින් ජීවනෝපාය සරිකර ගන්නා පිරිසකුයි සිරිමාපුර හොරොම්බාව ගම්මානයේ වාසය කරන්නේ.

ගම්වැසියන් පවසන්නේ 2020 වසරේ සිට මේ දක්වා සෑම මසකම නොවරදවා විදුලි ගාස්තු ගෙවු බවයි.

එහෙත් පසුගිය මාසය සදහා ඇතැම් නිවාසවලට රුපියල් ලක්ෂයකට අධික විදුලි බිල්පත් ලැබී ඇති බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් කැකිරාව ප්‍රාදේශීය විදුලි කාර්යාලයෙන් මේ පිළිබදව අප කළ විමසීමක දී ඔවුන් පැවසුවේ ගම්වැසියන් භාවිත කර ඇති විදුලි ඒකක සංඛ්‍යාව අනුව බිල්පත් සකසා ඇති බවයි.

පොලියකින් තොරව එම මුදල ගෙවීමට ඔවුන්ට අවස්ථාව සලසා දී ඇති බව ද අදාළ නිලධාරියා සදහන් කළා.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here