කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වෙසක් පින්කම්

0
13


ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙසක් පුන් පොහොය නිමිති කරගෙන කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවේ අප්‍රේල් මස 21 වන දින සිට 29 වනදා දක්වා ත්‍රිපිටක සජ්ඣායනාවක් ද ඇතුලුව විශේෂ පින්කම් මාලාවක් සංවිධානය කොට තිබේ. මින් වසර 2607 කට පෙර දඹදිව බුද්ධගයාවේ වජිරාසනය මත වැඩහිඳිමින් උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කළ අපගේ මහාමුනීන්ද්‍රයන් වහන්සේ විසින් පන්සාලිස් වසරක් මුළුල්ලෙහි දෙව් මිනිස් ලෝ සතුන් කෙරෙහි අපමණ කරුණාවෙන් දේශනා කොට වදාළ නෛර්යාණික ශ්‍රී සද්ධර්මයෙහි ඇතුලත් ඒ ඒ නිකායන්ට අයත් සූත්‍ර දේශනා සතියක් පුරා එම උතුම් පින්බිමේදී බුද්ධ භාෂාවෙන් ම සජ්ඣායනා වනු ඇත. එහි කාලසටහන පහත අමුණා තිබේ. එමෙන්ම එම සතිය පුරා සෑම දිනකම රාත්‍රී 7.00 සිට 8.30 දක්වා ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර එම දිනවලදී කුණ්ඩසාලේ මහමෙව්නාව භාවනා අසපුවට පැමිණීමෙන් එම උතුම් සදහම් ශ්‍රවණය කරන්නටත් සජ්ඣායනා කරන්නටත් ඒ තුලින් උතුම් පින් රැස්කරගැනීමටත් මහඟු අවස්ථාවක් උදාවී ඇත.

මීට අමතරව වෙසක් පුන් පොහෝ දින උදෑසන 6.00 සිට පසුදා පහන්වන තුරු සීල භාවනා වැඩසටහන පැවැත්වෙන අතර එදින දහවල් 1.00 ට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිත ය. ලද දුලබ මිනිස් දිවිය තුල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් ලෙස තම ජීවිතයට අපමණ පින්ඵල නෙළාගනු පිණිසත් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු තෙමඟුල අර්ථවත්ව සැමරීම පිණිසත් මෙම පින්කම් මාලාවට සම්බන්ධ වන ලෙස මහනුවර ප්‍රදේශයේ වෙසෙන ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

The post කුණ්ඩසාලේ මහමෙව්නාව අසපුවේ වෙසක් පින්කම් appeared first on Mahamevnawa Bhawana Asapuwa.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here