කිස් කරන්න ටිප්ස් ටිකක්! – Sri News

0
3

දැන් ඔය කිස් කරන එක අපි ඕනම කෙනෙක් කරන්න ආස, ජීවිතේ කවදාහරි කරන්න ලැබෙන දෙයක්නේ. කිස් කරනවා කියන එක බැලුවහම අමාරු වැඩකුත් නෙවෙයි. හැබැයි එහෙම කිව්වට, සරල කිස් එකක්වත් දෙන්න දන්නෙ නැති මිනිස්සුත් ඕනෑ තරමට ඉන්නවා. උදාහරණයක් විදියට කිව්වොත්, හරියට කිස් එකක් දෙනවා කියන්නේ නිකම්ම නහය ගාවලා හුස්ම උඩට අදින එක නෙවෙයි. කෙනෙක් කියන්න පුලුවන් ඉතින් වැඩේ කෙරෙනවා නං කොහොම කිස් කළත් මොකැයි කියලා. එහෙම හරියන්නෙ නෑ. හරියට කිස් කළහම තියෙන ෆීල් එක, වැරදියට කිස් සීයක් දුන්නත් ලැබෙන්නෙත් නෑ, ලබාදෙන්නත් බෑ. ආන්න ඒ නිසා, හරියට කිස් කරන්න ඉගෙන ගන්න එක වටිනවා.

 

දැන් අපි කලින් ආටිකල් එකක කිව්වනේ කොහොමද හරියට තොල් කිස් කරන්නෙ, එහෙම නැතිනම් ෆ්‍රෙන්ච් කිස් එකක් දෙන්නේ කියලා. මේ කියන්න යන්නේ, ෆ්‍රෙන්ච් කිස් නොවෙන වෙනත් ඕනෑම කිස් එකක් හරියට දෙන්නෙ කොහොමද කියන එක තමයි! වැඳගෙන අහගෙන ඉන්නලා, වැඳගෙන!

 

මතක් කිරීමක්!

කිස් එකේ පටන් ගැන්මට අපි ආයෙමත් මතක් කරන්න කැමතියි, ෆ්‍රෙන්ච් කිස් ආටිකල් එකේ කියපු විදියටම තමන්ගේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වා ගැනීම හොඳ කිස් එකකට අත්‍යවශ්‍යයි කියන කාරණය. ඒ කියන්නේ නිරතුරුවම දත් මැදලා, කෑමක් කාපුවහම කට හෝදලා කාරිය ඉන්න ඕන. එතනදි මවුත් වොෂ් එහෙමත් භාවිතයට ගන්න එක හොඳයි. ඒ හැරෙන්න හොඳට වතුර බොන එක, සමබල ආහාරයක් ගන්න එක වගේ දේවලුත් තමන්ගේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න අවශ්‍ය වෙනවා කියලා මතක තියාගන්න ඕන.

 

දැන් ඔන්න අපිට කෙනෙක්ට කිස් එකක් දෙන්න හිතෙනවා. එතකොට අපි හිත හිතා ඉන්නවද “මේ සිපගැනීමේ අරමුණ මොකක්ද?” කියලා. නෑනේ. හිතුනා, ඉම්බා. හැබැයි අපි කාවහරි කිස් නොකරමින් ඉන්න වෙලාවක හරි මේ අරමුණ ගැන හිතලා බලන්න වුවමනායි. ඒ කියන්නේ, අපි හිතුවට සිප ගැනීමක් කියන්නේ සරාගී කාරණාවක් කියලා, හැම තිස්සෙම එහෙම නෙවෙයි. උදාහරණයක් විදියට අපි පොඩි දරුවෙක්ව සිප ගන්නෙ නැද්ද? අපි යාළුවෙක්ට කිස් එකක් දෙන්නෙ නැද්ද? අපි නෑදෑයෙක්ට කිස් එකක් දීලා පිළිගන්නෙ නැද්ද? හැබැයි ඉතින් මෙතනදී ඒ ඒ අරමුණ එක්ක කිස් එකත් වෙනස් වෙනවා. මේක තේරුම් ගන්න ඕන නිසා තමයි අපි කියන්නේ ඕනම කිස් එකක අරමුණ ගැන අපිට කලින්ම අදහසක් තියෙන්න ඕන කියලා. උදාහරණයක් විදියට, අපි හිතමිතුරෙක්ව හරි නෑයෙක්ව හරි සිප ගන්න කොට, ඒක කම්මුලට දෙන කිස් එකක් වෙන්න පුලුවන්. සමහර වෙලාවට සමාජශීලී වීම සඳහා නොදන්නා කෙනෙක්ව සිප ගන්න කොට, ඇත්තටම ඒක කම්මුලට මූණ ලං කරලා සිපගැනීමක් වගේ පෙන්නීමක් වුණාට, ඇත්තටම ස්පර්ෂයක් සිද්ධ වෙන්නෙ නෑ. දැන් අපි ආදරේට නැතිනම් සරාගී අදහසකින් කෙනෙක්ට කිස් එකක් දෙනකොට ඔය හැම එකකටම වඩා ඒක වෙනස් වෙන්න ඕනැනේ. අන්න ඒ නිසා, එක් එක් අරමුණට අපි සිපගන්න විදිය ගැන කලින්ම හිතලා තියෙන එක වටිනවා.

 

ඇත්තටම ලිංගිකත්වයත් එක්ක එන සිප ගැනීමක්, ඒ කියන්නේ ආදරේ ප්‍රකාශ කරන්න, රාගාන්විත අදහස් ප්‍රකාශ කරන්න කරන සිප ගැනීමක් ෆ්‍රෙන්ච් කිස් එකක් නැතිනම් තොල් සිප ගැනීමක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හරි, ලිප්ස් කිස් නැතිනම් ෆ්‍රෙන්ච් කිස් ගැන අපි කලින් ආටිකල් එකේ කිව්වනේ. හැබැයි ගොඩක් දෙනෙක් නොහිතන දෙයක් තමයි, එක පාරටම ලිප්ස් කිස් එකකට යන්න බැරි නම්, ඒක පටන් ගන්න පුලුවන් ක්‍රම ගැන. සරලවම කම්මුලට දෙන හාද්දකින් වුණත් වැඩේ පටන් ගන්න පුලුවන්. එහෙම නැතිනම් නළලට දෙන හාදුවකුත් පටන් ගැන්මට හොඳයි. හැබැයි මේ වගේ අවස්ථාවකදී කම්මුලට දෙන හාද්ද වුණත් යාලුෆිට් හාද්දකට වඩා වෙනස් වෙන්න ඕන, අනුරාගී වෙන්න ඕන. ඊට පස්සේ ඉතින් තොල් දෙකට මුලින් දෙන කිස් එකකින් වුණත් ෆ්‍රෙන්ච් කිස් එකට පදනම දාගන්න පුලුවන්. මේවා ඇත්තටම ෆීලින්ග්ස් එක්ක තමයි එන්නේ.

 

ඇත්තටම ෆෝර්ප්ලේ එකකදී, ඒ කියන්නේ පූර්ව සංසර්ග හැසිරීමකදී වුණත් ගොඩක් අය ලොකුවට කිස් කිරීමට අවධානය යොමු නොකරන එක ගැටළුවක්. එතකොට කිස් කිරීමට යම් අවධානයක් ලබාදුන්නත්, ගොඩක්ම සිද්ධ වෙන්නේ තොල් සම්බන්ධ සිපගැනීම් විතරයි. හැබැයි අමතක කරන්න එපා. විශේෂයෙන්ම තමන්ගේ කාන්තාව පිස්සු වට්ටන්න පුලුවන් තවත් තැන් තියෙනවා සිප ගන්න පුලුවන්. හොඳම උදාහරණ තමයි බෙල්ල සහ උරහිස්. ඇත්තටම කාන්තාවන් ආසයි මේ තැන් තමන්ගේ පාට්නර් සිප ගන්නවට. හැබැයි නරක දේ කියන්නේ ගොඩක් අය නොකරන හෝ කරන්න අමතක කරන දෙයක් ඒක. ඒ ඇරෙන්න, කන් පෙති, කන්, බෙල්ල පිටිපස්ස වගේ ඕනෑම තැනක් සිප ගැනීම කරන්න පුලුවන්. කාගෙන් තහනමක් ද?

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here