කෑම කනකොට අපිට තියන නරක පුරුදු – Sri News

0
4

හෑ… මේ මොනා ගැනද මේ කියන්නෙ? ඔව් ඔව් කනකොට අපි නොහිතා සිද්ධ වෙන නරක පුරුදු ටිකක් ගැන තමා අද අපි කතා කරන්නෙ. මේ ගැන වැඩිය නොහිතුවත් බලන් ඉන්න අයට ප්‍රසන්න විදියට හැසිරෙන්න අපි දැනගන්න ඕනෙනෙ. ඉතින් මේක පොඩ්ඩක් කියවලා යන්න. මේ පුරුදු වලින් එකක් හරි ඔයාලට තියෙනවා නම් වහාම ඒක හදාගන්න බලන්න. කන බොන වෙලාවට මේ පුරුදු අනික් අයට අප්‍රසන්න වෙන්න පුළුවන්.

 

ඔන්න ඉතින් කන්න පටන් ගන්නකොට තමයි අපේ කට්ටියට ලෝකෙම තියන කතන්දර මතක් වෙන්නෙ. ආගිය තොරතුරු කතාබහ කර කර කෑ ගගහා කන එක පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙමෙයි. ගෙදරදි මෙහෙම කරන අයට පිට තැනකට ගියාමත් කෑ ගහලා ඉවර උනාමයි මතක් වෙන්නෙ හයියෝ මේ ගෙදර නෙමෙයිනේ කියලා. ඒක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි වගේම බලන් ඉන්න අයටත් අප්‍රසාදයක් තමයි ඇතිවෙන්නෙ. ඒ වගේම කතා කර කර කනකොට කටින් කෑම එළියට විසි වෙන්නත් පුළුවන්. ඒ නිසා කට්ටිය පොඩ්ඩක් කල්පනාවෙන් කන්න එළියට ගියාම විශේෂයෙන්ම. කතා කරන්නම ඕනෙ නම් කටේ පුරවන් ඉන්න කෑම ටික කාල ඉවර වෙලාම කතා කරන්න. 

 

මේ කියන්නෙ චව් චව් ගාලා කෑම හපන එක ගැනයි. මේක ගොඩක් පොඩි අයට තියන නරක පුරුද්දක් උනාට අපේ ලොකු ඇත්තොත් වෙලාවකට මේක කරනවා. ගොඩක් හපලා කන්න ඕනේ දේවල් හෙමින් සීරුවෙ කරන්න. එහෙම නැතුව කන්න තියන හදිස්සියට, ඉක්මණට හපාගන්න ඕනෙවට සද්දෙට කෑම හපන එක නම් හරිම කැත වැඩක්. අපි වැඩිය නොහිතුවට බලන් ඉන්න අයට ඒක පිළිකුලක් තමයි ගේන්නෙ. මොකටද නිකන් අනික් අයගෙ අසතුටට අපි හේතුවක් වෙන්නෙ නෙහ්? 

 

කෑම මේසෙන් හොදි බෙදාගන්නකොට ටේබල් මැට් එකෙයි අනික් පිඟන් වලයි ඔක්කොගෙම ගෑවෙන්න හොදි බෙදාගන්න එපා. ඒක කැතයි. වැරදීමකින් හැලුනත් ඒක ඉක්මණින් පිහදාන්න. ගොඩක් අය කළබලෙන් තමයි කෑම බෙදාගන්නෙ. එතකොට ඉතින් හලන විදියෙ හැටියට පස්සෙ එන කාටත් හොදි ඉතුරු වෙන්නෙ නෑ. මේක ලොකු කුඩා හැමෝම කරන දෙයක්. වැඩිහිටියො දැනගන්න ඕන පොඩි ළමයින්ට බෙදල දෙන්න. ඒ වගේම තමන් කෑමක් බෙදාගන්නකොට ටිකක් සංයමයෙන් බෙදාගන්න දැනගන්න ඕනේ.

 

මෙන්න මේක නම් ගොඩක් අය කරන වැරැද්දක්. හිතන්නකො අපි වෙඩින් එකකට හරි පාටියකට හරි ගියා කියලා ඒකට එන අය හැමෝටම කන්න පුළුවන් විදියට තමා බුෆේ එක ඇරෙන්ජ් කරන්නෙ. ඒ කියන්නෙ මස්, මාළු කන නොකන අයට, විවිධ මස් වර්ග කන අයට වෙනම, වෙජිටේරියන් අයට වෙනම එළවළු වර්ග මේ ඔක්කොම එකම බුෆේ එකක තියෙන්නෙ. මේ හැමදේටම ඔට්ටු අපේ ඈයො ගියාම තියන හැම ජාතියකින්ම බෙදාගන්නවා. ඒක කන්න පුළුවන්ද බැරිද කියලවත් බලන්නෙ නැතුව අහ් අරක තිබ්බනේ ඉතින් ගත්තා කියලා දාගෙන එනවා. මේක ගොඩක් අය නොදන්නා ඒත් බලන අයට කැතට පේන දෙයක්. අපිට කන්න පුළුවන් ඒ වගේම ආස දේවල් විතරක් බෙදාගන්න. මේක පොයින්ට් කරන්නම හිතුනෙ කට්ටිය වැඩිය නොහිතන කරුණක් නිසාමයි. ඔය බෙදාගන්න ඔක්කොම කන්නෙත් නෑ. ඒ ගැනයි ඊළඟ පොයින්ට් එක.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here