කැම්පස් අයියලා නවකයින් පිළිගෙන කියාදෙන පාඩම් – Is ragging good in campuses – Sri News

0
4

දැන් කැම්පස් වල රැග් නැහැ. කිසිම විශ්ව විද්‍යාලයීය සිසුවෙක් රැග් එකක් තිබෙන බවක් පිලිගන්නෙ නෑ. ඒත් නවකයින් පිලිගැනීමෙ වැඩසටහන් නම් තවමත් ඉතුරු වෙලා තිබෙනවා. ඇයි මෙහෙම එකක් තියෙන්නේ කියලා හිතුවාම නම් ගැටළු රැසක් එනවා. ඒත් සිසුන්ම කියනවා මේම වැඩපිලිවෙලක් තිබෙන එකේ වැදගත් කම් ගැන. අපි ඒ ගැන බලමු.

 

ටියුෂන් වටපිටාව වගේ නෙමෙයි උසස් අධ්‍යාපනය. උසස් අධ්‍යාපනයේදී හුදෙක් උසස් පෙළ වගේ විශාල තරගකාරී වටපිටාවක් නැහැ.. තිබෙන්නේ සැහැල්ලුවෙන් ඉගෙනගැනීමක්. එතැනදී අන්‍යා්න්‍ය සහයෝගය වැදගත්. සිසුවෙක්ට සිදුවෙන බැරි අමාරුකමක්. මලගෙයෙක්, අනතුරක් වගේ දෙයකදී වගේම හිතේ අමාරුවකදීත් යාලුවෝ පිරිසක් ලග එන්න එක වටිනවා. ඕවා තමයි ඇත්තටම කණ්ඩායම් ලෙස එකතු වීමෙන් ඇති වැදගත්කම.

එහෙම කෘත්‍රිමව ලමයින්ව පිළිගෙන පිලිගැනීමේ වැඩසටහන් කියලා යම් යම් වද බන්ධන නියම කරලා සරසවි සිසුන්ට විශේස හිතවත්කම් බැච් හැගීම් ඇතිකන්නට ඕනිද? අපි සරලව හිතමු හැමදාම එකම බස් එකේ දුම්රියේ වැඩට යන පිරිස. ඇතැම් අය එහෙම එකතුවෙලා ගෙවල් දොරවල තිබෙන මගුල් මරණ පමණක් නොවෙයි චාරිකා උපන්දින සාද වගේ ඒවට පවා ඒකරාශී වෙනවා.  එතැනදී අලුතින් පිලිගෙන පිලිගැනීමේ වැඩසටහන් තියලා අලුත් අය එකතු කරගන්නේ නෑ. පුද්ගලයින් විදියට අපි කොහොමත් ලඟ ඉන්න පිරිස සමග ටික කලකින් මිත්‍ර සබදතා ඇතිකරගන්නවා.

 

කුප්පි කියන්නේ විෂය අමාරු කොටස් යම් වැඩිහිටි සිසුන් විසින් සරලකොට පහල වසරවල සිසුන්ට කියාදීමේ ක්‍රමවේදයක්. එසයිමන්ට් කිරිමේදිත් බැරි අමාරු සිසුන්ට මෙලෙස පිරිසක් එකතු වී වැඩ කිරීම අත්වැලක්. විශාල පුස්තකාල, අන්තර්ජාල පහසුකම් ඇතුලත් අධ්‍යයන වටපිටාවක් බොහෝ ලාංකික විශ්වවිද්‍යාලයන් වලට හිමියි. සිසුන් හුදෙක් විභාග සහ පැවරුම් සඳහාම එක්රැස් වී ඒවා මූලික කොටගෙනම යම් යම් වංචා ක්‍රියා කිරීම සිසුන්ට නම් වාසිදායකයි.

 

නවකයින් පිලිගැනීමේ වැඩසටහන් වලට සහභාගී වුණේ නැත්නම් සිදුවන්නේ අලයෙක් වෙන්න. අලයින්ට කවදාවත් අන්තරේ සහ එවැනි ශිෂ්‍ය බලමුලු වලට එකතුවෙලා නිදහස් අධ්‍යාපනය ගලවාගන්නට පාරේ යන්නට හෝ අධි පීඩන වතුර පාරක පහස ලබන්නට වාසනාවක් නැහැ. නිදහස් අධ්‍යාපනය ගලවා ගැනීමට මෙලෙස පාගමන් යෑම, උද්ඝෝෂණ පිකට් කිරීම බොහෝ පැරණි කලක සිට පැවත එන චාරිත්‍රයක්. පිට පලාත් වල සරසවි සිසුන්ට නම් කොළඹ දැකබලාගන්නටත් කොළඹ පාරවල් දිගේ ඇවිදගෙන යන්නටත් මෙම පිකට් වලට සහභෘගී වීමෙන් අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත් සරසවියට පිවිසෙන සිසුවෙක් අනේ මට ඔය අයියලා අක්කලාගේ පිලිගැනීම් එපා කියා ප්‍රතික්ෂේප කලොත් ඔවුනට මෙවැනි ශිෂ්‍ය දේසපාලන වැඩ කරන්නට ලැබෙන අවස්ථාව බොහෝවිට මගහැරී යන්නට ත් හැකියි.

 

ශිෂ්‍ය දේශපාලනය කියන එකේ සැබෑ අරුත ශිෂ්‍යයින් පුළුල් ලෙස දේශපාලන ගැටළු කෙරෙහි සහ තමුන්ගේ ගැටළු කෙරෙහි මැදිහත්වීම. එහෙත් ලංකාවේ නම් මහා දේශපාලනයේම කුඩා එකක් දෝ හිතෙන තරමට ශිෂ්‍ය දේශපාලන ඉතාම ලාමක සටන්පාඨ වලට හසුවී තිබෙනවා. එහිදී සිසුන්ට අවශ්‍ය කලා උළෙල, සිසු ක්‍රියාකාරකම් වගේම නිදහස් අධ්‍යාපනය රැකගන්න සටන් දියත් කරන්නටත් මුදල් අවශ්‍යයි. ඒ මුදල් සොයාගන්නට ස්ටිකර්, පෑන්, බුක්මාක් විකිණීම වගේම කැට හොල්ලන්නත් සරසවි ශිෂ්‍ය සංගමවල සාමාජිකයින්ට සිදු වෙනවා. නවකයින් පිලිගැනීමේ ශිෂ්‍ය  වැඩසටහනට අනුගත වෙලා කාලයක් ගියාම එන මේ වගේ අත්දැකීම් ලබාගන්නට එයට සහභාගී නොවුණ අයට අවස්ථා ලැබෙන් නෑ.

 

කුඩා කල දරුවන් සෙල්ලම් කරන විට ඇතැම් මුරණ්ඩු දරුවෙක් සෙල්ලම් ගෙය තුලදී පවා. මේ කෑල්ල මගේ යැයි වැලි බිමේ කෝටුවකින් ඇඳ සලකුණු කර අනුන්ට එන්නට නොදී එහි සෙල්ලම් කරන්නට පෙළඹෙනවා. අනික් අය එයට එනවිට මුරණ්ඩු දරුවා කල කෝලාහාල කරනවා. ඒ වගේ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ලයට සහ ඒ අනුබද්ධ ඇතැම් සිසු සංගම් වලට බලය තිබෙන ඇතැම් සරසවි වල මේ නවකයින් පිලිගන්නා වැඩසටහන් වලට සහභාගී නොවන සිසුන්ට තහනම් කලාප තිබෙනවා. ඒ තහනම් කලාප වල අසිරි සිරිය විදගන්නට අවස්ථාවත් මේ අයියලා අක්කලාගේ නවක සැලකීම ප්‍රතික්ෂේප කළහොත් ගිලිහී යනවා.

 

රජයෙන් යමක් සිසුන්ට ලබා දෙන්නේ සාමාන්‍ය ජනයාගේ බදු මුදලින් එකතුකරගන්නා මුදල් වලිනි. එහිදී ඒ අධ්‍යාපන අයිතියට යම් සීමාවන් දාලා රාමුකරන්න අයිතියක් තවත් සිසුන් පෙලකට නැහැ. විශ්ව විද්‍යාලනම් එහෙම..ඒකෙ මෙහෙම අහම ඉ්නන ඕනි කියාල නීති පැනවීමක් යම් යම් හේතුන් මත විශ්ව විද්‍යාල පාලනාධිකාරියට හැකි වුවත් සිසුන් පිරිසකට තමුන්ගේම සහෝදර සිසුන් වෙත එසේ නීති පැනවීමේ හැකියාවක් නැහැ. දැඩි විනයකින් පීඩාවට පත් කරන පාසැල මහා බලුපොරයකින් හෙම්බත් කරන ටියුෂන් පද්ධතිය පසුකර විශ්ව විද්‍යාලයට යන සිසුන් පිරිසකට එහිදීද තවත් අඩම්තේට්ටම් කිරීමට පිරිසකට ඉඩදීම  සිසුන්ගේ විවෘතව සිතීමේ අලුත් දෙයක් අලුත් ලෝකයක් තැනීමේ සිහින උපන්ගෙයිම මොටකරන ක්‍රියාවලියකි.

 
Cover Image Source – youtube.com/ santabanta.com
 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here