කැකුළු නොතලා පීදෙන්නට ඉඩ හරිමු………. – Sri News

0
9


කුඩා දරුවන් විවිධ අපයෝජන හා හිංසාවන්ට ලක්‌වීමට ප්රධාන හේතු ලෙස අපට පෙනී යන කරුණු කිහිපයක්‌ම වෙයි.

ප්රධානතම කරුණ වන්නේ දරුවා සහ දෙමාපියන් අතර පවතින සම්බන්ධතාව ගිලිහී යාමයි. තරගකාරී ආර්ථික සමාජ ක්රමය සමඟ පොරබදමින් හැල්මේ දුවන දෙමාපියන්ට දරුවා යනු තම ජීවිතයේ තවත් එක්‌ සාධකයක්‌ පමණක්‌ බවට පත්වී තිබේ.

ඕනෑම යුවලක්‌ සෑම සබඳතාවකදීම දරුවෙකු බලාපොරොත්තු නොවේ. ලිංගික අවශ්යතාව හා දරුවෙකුගේ අවශ්යතාව යනු එකක්‌ නොව දෙකකි. නමුත් මේ දෙක එකක්‌ බවට පත්වූ විට විශාල ප්රශ්න රැසකට මුහුණදීමට දෙමාපියන්ට සිදුවේ. තමන්ට ප්රමාණවත් දරුවන් සිටියදී තවත් දරුවෙකු හදා වඩා ගැනීමට වත් පොහොසත්කමක්‌ නොතිබියදී බලාපොරොත්තු රහිත අවස්‌ථාවක දරුවෙකු පැමිණීම දෙමාපියන්ගේ ජීවන රටාව දෙදරා යාමකි.

 

එවිට ගබ්සා කිරීමේ තීරණවලට දෙමාපියෝ එළඹෙති. වැඩිහිටියන් ඒ සඳහා විරුද්ධ වන විට කරන්නට දෙයක්‌ නොමැති නිසා දරුවාව හදා ගන්නා අවස්තාද එමටය. එනම් අවශ්යතාව අනුව දරුවෙකු හැදීම නොව, කරන්නට දෙයක්‌ නොවන තැන දරුවෙකු හැදීම එහිදී සිදුවේ. එනිසා දරුවා හා දෙමාපියන් අතර ආත්මීය බැඳීමක්‌ නොමැත. සිය පවුලට, අර්ථ ක්රමයට හා රටාවට බලහත්කාරයෙන් පාත්වූ කරදරකාරයෙකු ලෙස දරුවාව දකියි. මෙනිසා දරුවාට පවුල තුළ හිමිවන්නේ අඩු සුරක්ෂිතතාවකි

දරවෙකුව තමන්ට අවශ්ය, ඕනෑම ආකාරයට භාවිත කළ හැකිවීමද මෙලෙස අපචාර ඉහළයාමට තවත් හේතුවක්‌ වේ. දරුවෙක්‌ කිසිවෙකු සමඟ සමීප වූ විට ඔහු හෝ ඇය විසින් කියන කරන ඕනෑම දෙයක්‌ නොපැකිලිව ඉටුකරයි.

අපචාරයට තුඩු දෙන ඕනෑම දෙයක්‌ දරුවෙකු ලවා ඉටුකරවා ගත හැකිය. මෙම කාරණාව සෘජුවම සම්බන්ධ වන්නේ ලිංගික අවශ්යතාවන් සමගයි. සිය බිරිඳගෙන්, පෙම්වතියගෙන් හෝ වෙනත් ස්‌ත්රියකගෙන් නොලැබෙන සංතෘප්තවීමක්‌ ඔවුන් මෙලෙස මේ අහිංසක මල් කැකුළුවලින් බලාපොරොත්තු වෙයි. එයට ප්රධානතම හේතුව වන්නේ දරුවන් සියුමැළි බවින් යුතුව දැඩි ගතියකින් හා ප්රතික්ෂේප කිරීම්වලින් තොර අයවළුන් වීමයි. ශ්රී ලංකාවේ ලිංගික අධ්යාපනය පවතිනුයේ අතිශය සෘනාත්මක මට්‌ටමකය. එය මෙම සිදුවීම් සඳහා ප්රධානතම සාධකයක්‌ ලෙස අප දකිමු.

 

අපරාධකරුවාද මිනිසෙකි. දරුවාගේ අවධියේ සිට ක්රම ක්රමයෙන් වර්ධනය වී වැඩිහිටියෙකු බවට පත්වූ පුද්ගලයා සමාජය ඉදිරියේ අපරාධකරුවකු වීමට තරම් ඔහුගේ චර්යාවන් හා විඥනය වෙනස්‌ වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.

ඔහුගේ හෝ ඇයගේ මෙම තත්ත්වය රටේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්‌කෘතික පසුබිම

අනිවාර්යයෙන්ම වගකිව යුතුයි.

කුසට අහරක්‌ නොමැතිව අධ්යාපනය යනු කුමක්‌ද යන්නවත් නොදැන, ළමා ගීතයක්‌ කවියක්‌ උපන්තේකට අසා නැති, ඒත් කුසගින්න වෙනුවෙන් සතයෙන් සතය ටින් බෙළෙක්‌කවලට යදිමින් වීථී කොනේ මහ පාරේ අගුපිල්වල නිදන අහිංසක දරුවා තුළත් ඇත්තේ එකම හුරතලයකි.එකම ආදරයකි.

ඔවුන් සියල්ලෝම දරුවෝය. කඳුළින් පිරි එවන් යථාර්ථයක්‌ වෙත සිනහව රැගෙන එනු පිණිස සුවිශාල කාර්යභාරයක්‌ පවතිද්දී අද අප විසින් සිදුකරමින් සිටිනුයේ අපට අදාළ නොවන වෙනත් කාර්යයන්ය.

එම නිසා අප දැන්වත් දරුවන් ගැන හිතන්නට පටන් ගනිමු. මේ කැකුලු නොතලා පූදින්නට දරන වෙරවෑයම වෙනුවෙන් හෙට දවස සවිමත් කිරීමේ ප්රභල වගකීම අප සතුයි .ඒ සඳහා දිරි දෙමු.

මෙත් සිතින්



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here