කාලගුණයේ තරමක වෙනසක් – ප්‍රදේශ කිහිපයකට වැසි – Sri News

0
9


අද (27) දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසන්නේ.

RN



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here