කාන්තා විලාසිතා ලොව සරසන අඩි උස පාවහන් ගැන ඔබ දැනගත යුතුම කරුණු 7ක් – Sri News

0
4

පාවහන් කියන්නෙ කාන්තා විලාසිතා ලෝකේ ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යයක්. සමහර වෙලාවට කාන්තාවෝ මුණ ගැහුනාම මුහුණේ ලස්සනට වඩා ඇස් යන්නේ පාද දෙසට. ඒ තරම් අලංකාර පාවහන් විලාසිතා පළඳිනවා අපේ කාන්තාවෝ. අපේ යුවතියන්ගේ පාවහන් එකතුව පිරික්සුවොත් අඩි උස පාවහන් යුගලක් නම් අනිවාර්‍යයෙන් තියෙනවාමයි. ඉතින් මේ කතාකරන්නේ කාන්තා විලාසිතා ලොව සරසන අඩි උස පාවහන් ගැන.

 

කාන්තාවෝ ඉතාම ආසාවෙන් පළඳින මේ හීල්ස්වල මුල් අයිතිය පිරිමින් සතුවෙන බව ඔබ දන්නවාද? පුරාණ ඊජිප්තු වැසියෝ පාවහන් නොමැතිව තමයි ගමන් බිමන් ගියේ. මේ කාලයේ වෙළඳාමේ ගිය මස් වෙළෙන්ඳන් බිම දිගේ ගලන රුධිරය තමන්ගේ පාදවල තැවරෙන එක වළක්වාගන්න උස ලී පතුලක් සහිත පාවහන් විශේෂයක් සකස් කරගෙන තියෙනවා. ඊජිප්තු පිරිමීඩ ආශ්‍රිත සොහොන් කොත්වල බිත්ති මත ඇඳි රූප අතර දකින්නට ලැබුණු පාවහන් සහිත රූප අනුකරණය කරමින් තමයි ඔවුන් මෙම උස පත්ලක් සහිත පාවහන් නිපදවා තිබෙන්නේ.

පළමුවෙන්ම අඩි උස පාවහන් පළඳින ගැහැණු කෙනා ලෙස සටහන් වන්නෙ 1533 ඉතාලියේ ජීවත් වූ කැතරින් මෙඩිසීස් කියන රැජිණයි. ඇය ප්‍රංශයේ දෙවැනි හෙන්‍රි රජු සමඟ විවාහ වෙන අවස්ථාවේ අඩි උස පාවහන් වලින් සැරසී සිටියේලු.

 

දවසේ වැඩකටයුතු අවසාන වී හවස් යාමයේ සාප්පු සවාරි යන්න

පාවහන් තෝරාගන්න සාප්පු සවාරි යන්න හොඳම වෙලාව තමා හවස් යාමය. දවස පුරාම ක්‍රියාකාරී වෙලා, මහන්සිවෙලා තියෙන පාද මේ වෙනකොට තරමක් ප්‍රමාණයෙන් විශාල වෙලයි තියෙන්නේ. මේ වෙලාවෙ තමයි ඔයාට හරියටම ගැළපෙන ප්‍රමාණයෙන් පාවහන් තෝරාගන්න පුළුවන්. එහෙම නැතුව උදෙන්ම ගිහින් ඔයා පාවහන් තෝරන් පැළඳගත්තොත් හවස් වෙද්දි තද ගතියක් එක්ක අපහසුවක් එන්න පුළුවන්.

මිලදී ගන්න පෙර හීල්ස් පැළඳ සාප්පුව ඇතුළත ටික වේලාවක් ඇවිදින්න

තෝරාගත් හීල්ස් දෙක පැළඳගෙන සාප්පුවේ තියෙන වෙනස් බිම් මතුපිටවල් වලත් ඇවිදලා බලන්න. එතකොට ඔයාට දැනෙයි හීල්ස් දෙක සුවපහසුද, නැද්ද කියලා. එහෙම මොනයම් හරිම වෙනසක් තියෙනව නම් වෙන හීල් එකක් උත්සහ කරලා බලන්න. පුංචි හරි අපහසුවක් දැනෙනවානම් හීල්ස් මිලදී ගන්න එපා.

පාදයේ ඇඟිලිවලට දැනෙන විදිහ ගොඩාක් වැදගත්

තෝරාගත් පාවහන් යුගල පැළඳුවාම ඇඟිලි සඳහා ප්‍රමාණවත් ඉඩක් තියෙනවාද බලන්න ඕන. එහෙම නැති පාවහන් යුගලක් දිගින් දිගටම පැළඳීම ඔබ ලෙඩ ගොඩකට අත වැනීමක් වෙන්න පුළුවන්.

තෝරාගන්න හීල්ස් යුගලේ උස පිළිබඳව සැලකිලිමත් වෙන්න

සාමාන්‍යයෙන් වඩාත් සුදුසු යැයි සැළකෙන උස ප්‍රමාණය තමා අඟල් 1ත් අඟල් 3ත් අතර උසින් යුතු පාවහන්. අඟල් තුන ඉක්මවන පාවහන් පැළැන්දූ විට ඔබ ගමන් කරන ආකාරයේ වෙනසක් කැපී පෙනෙන්නට ගන්නවා වගේමයි දැඩි පීඩනයක් කොන්ද ප්‍රදේශයටත්, දණහිසටත්, වළලුකරටත් ඇතිකරනවා.

නිවසින් බැහැර ගමනකට පළඳින්නට පෙර පාවහන් යුගල පැළඳ මද වේලාවක් නිවස තුළ හා නිවස වටා ඇවිදින්න

මෙය ඔබට පිරිසක් ඉදිරියේ පැළඳ ගමන් කිරීමට අළුත් පාවහන් යුගල ගැන විශ්වාසය ඇතිකරාවි. පළමු විනාඩි කිහිපය මෙන් නොවෙයි ටික වේලාවක් පැළඳ සිටීමේදියී පාවහන් වල ගැටළු මතුවෙන්නේ. ඉතින් නිවසින් බැහැර වෙලා අකරතැබ්බ කරගන්න කලින් මේ ගැන අවධානයෙන් සිටින එක නේද හොඳ?

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here