ක්ලාසි කොල්ලෙක් විදියට පේන්න ඉන්න පාඩම් මාලාවක් අපෙන්! – Sri News

0
12

සාමාන්‍යයෙන් අපිට ඔය ක්ලාස් එක ගැන සෑහෙන්න අහන්න ලැබෙනවනේ. “ක්ලාස් එකක් තියාගෙන වැඩ කරන්න”, “තර්ඩ් ක්ලාස් වෙන්න එපා” වගේ දේවල් වලින් අපිට තේරෙන්න ගන්නවා මේ ක්ලාස් එක කියන්නේ සමාජ පංතිය වගේ මොකක් හරි එකක් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ උසස් පංතියේ අය සහ තුන්වෙනි පංතියේ අය. ඔය මැදත් සමහර වෙලාවට ක්ලාස් කීපයක්ම තියෙන්න පුලුවන්. හැබැයි ඔය කතා වලින් අපිට තේරෙන්න පටන් ගන්නවා මේ ක්ලාස් එක කියන්නේ තමන්ට ඇති කරගන්න පුලුවන් එකක් කියලත්. ඉතින් ක්ලාසි වෙන්න, එහෙම නැතිනම් හොඳ ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් වෙන්න ගතිගුණ වලින්, පෞරුෂත්වයෙන් නිර්මාණය වෙන්න ඕන සෑහෙන්න දේවල් තියෙනවා. ඊට අමතරව ඇඳුමෙන් පැළඳුමෙන් ක්ලාස් එක හදාගන්න බැරිද? ආන්න ඒ ක්ලාස් එක හදාගන්න විදිය ගැන තමයි මේ කතා කරන්න යන්නේ.

 

මේක අපි මීට කලිනුත් කථා කරලා තියෙනවා. පුලුවන් නම් විලාසිතා කරන්න පුලුවන් විදියේ ශරීරයක් නිර්මාණය කරගන්න. මේක කාටවත් බැරි වැඩක් නෙවෙයි. එහෙම නැතිනම් ඇ‍ඟේ ස්වරූපයට ගැලපෙන විදියට විලාසිතා කරන්න.

ක්ලාසි විදියට අඳින පළඳිනවා කියන්නේ ගෙවල් උකස් කරන්න වෙන විදියේ මිලෙන් අධික ඇඳුම් පැළඳුම් පාවිච්චි කරන එක නෙවෙයි. ක්ලාසි ඇඳුම් පිටකො‍ටුවේ හාරසීයට දෙකයි අට්ටියකින් ගන්න බැහැ, ඒක හරි. හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක, හොඳ විලාසිතාවක ඇඳුමක් ගන්න ටිකක් වැඩි මුදලක් යට කළාට පාඩු නැහැ.

ස්ලිම් ‍ෆිට් ඇඳුම් හොඳ විකල්පයක්. තමන්ගේ ඇඟට පමණට වඩා ලොකු හෝ පමණට වඩා හිර ඇඳුම් වලින් වගේ චීප් ලුක් එකක් එන්නෙ නෑ වෙන මොකකින්වත්, අන්න ඒ නිසා. එතකොට ඒ ඇඳුම හොඳ මැටීරියල් එකකින් නිර්මාණය වෙලා තිබීමත්, ගැලපෙන ෆැෂන් එකකින් තිබීමත් ඒ වගේම වැදගත්.

 

සපත්තු කුට්ටමකින් තමන්ගේ ක්ලාස් එක ඉහළ දාන්නත්, පහළ දාන්නත් පුලුවන් කියන එක මතක තියාගන්න ඕනා. ඔ‍ෆිස් කිට් එකට ඩෙක් ෂූස් දාන එකේ ඉඳලා තමන්ගේ ඇඟට වඩා ලොකුවට පේන ස්පෝට්ස් ෂූස් දාන එක දක්වා දේවලින් ඒ ක්ලාස් එක පහත දාන්න පුලුවන්. ඒ වගේම තමයි කැපී පේන විදියේ වටිනාකමක් පේන ඒත් ඒ වගේම සරල පෙනුමක් තියෙන සපත්තු කුට්ටමකින් ඒ ක්ලාස් එක ඉහළ දාන එක සිම්පල් වැඩක්.

සපත්තු විතරක් නෙවෙයි, මේස් වුනත් ඒ විදියට ‍තෝරලා බලලා තමයි ගන්න ඕන. ඒ වගේම සපත්තු කැපී පේන්න හරි විදියේ ෆෝල්ඩ් එකක් සහ නියම දිගකින් යුතු කලිසමක් අඳින එකත් වැදගත්.

 

ක්ලාස් එකක් තියෙන ජෙන්ට්ල්මන්ස් කෙනෙක් කිවුවහම හැම වෙලේම හිතට එන්නේ ටයි කෝට් දාගත්තු කොල්ලෙක්වද? එහෙමනම් ඒ චිත්ත රූපය වැරදියි. ඩෙනිම් කලිසමයි ටී ෂර්ට් එකයි ඇඳලත් හොඳ ක්ලාස් එකක් තියෙන පෙනුමක් ඉස්මතු කරගන්න පුලුවන්. උදාහරණයක් විදියට අපි කියමු වටින කියන පෙනුමක් තියෙන ස්ලිම් ‍ෆිට් ඩෙනිමක් එක්ක තනි කළු පෝලෝ ෂර්ට් එකක් සහ ඒකට ගැලපෙන ස්වෙඩ් සපත්තු කුට්ටමක් කියලා. අන්න ක්ලාසි පෙනුම. දැන් සුදු වෙච්ච ඩෙනිමකින් හරි හැම තැනම ඉරිලා තියෙන පැච් ඩෙනිමකින් හරි ඒ ක්ලාසි පෙනුම ගන්න පුලුවන්ද? එහෙම නැතිනම් ඉස්සරහයි පිටිපස්සෙයි රූප පුරවලා තියෙන බැගී ටී ෂර්ට් එකකින් ඒ ක්ලාසි පෙනුම ගන්න පුලුවන්ද? බැහැ.

 

අපි ගමු ඉණේ බඳින පටියක්. කීයෙන් කී දෙනාද තමන්ගේ ඇඳුමට ගැලපෙන විදියේ පටියක් භාවිතා කරන්නේ? සමහරු ප්‍රොෆෙෂනල් කිට් එකට දාන්නෙත් තඩි යකඩ බකල් තියෙන පටි, එහෙම නැතිනම් රෙදි වලින් හදපු පටි. හොඳම දේ තමයි චාම් ඒත් වටිනා පෙනුමක් තියෙන ලෙදර් පටියක් හෝ දෙකක් වර්ණ දෙකකින් තියාගැනීම. මේ වර්ණ දෙක කළු සහ දුඹුරු වෙන තරමට වාසියි.

දෙවෙනුව වොලට්‍ටු නැතිනම් මුදල් පසුම්බි. ගොඩක් දෙනෙක්ගේ වොලට්‍ටුව බැලුවොත් ඒක පිටිපස්සේ කලිසම් සාක්කුවෙන් පිම්බිලා පේනවා. ඒක ක්ලාස් එකක් නැහැයි කියන උදාහරණයක් කියලා කියන එක වැරදි නැහැ. මුලින්ම වොලට්‍ටුවක් ගන්න කොට හැකිතරම් සිහින් පෙනුමක් තියෙන වොලට්‍ටුවක් ගන්න සැලකිලිමත් වෙන්න ඕන. දෙවෙනුව ඒ වොලට්‍ටුවට රටේ නැති දේවල් ඔබන්නේ නැතුව අත්‍යාවශ්‍ය දේ විතරක් දාගන්න ඕන. තමන්ගේ ක්‍රෙඩිට්, ඩෙබිට් කාඩ්පත්, හැඳුනුම්පත් සහ මුදල් වොලට්‍ටුවක තිබුණහම හොඳටෝම ඇති. මොනවා හරි අත්‍යාවශ්‍ය බිල්පත් තියෙනවා නම් ඒවා දාගන්න අර වහන්න පුලුවන් නෝට්පොතක් ගන්න. තමන්ගේ බිස්නස් කාඩ් දාගන්න බිස්නස් කාඩ් හෝල්ඩරයක් ගන්න. මේ විදියට අවශ්‍ය වැඩේට ගැලපෙන කළමණා උපාංග ළඟ තියෙන එකත් ක්ලාස් එකේ ලකුණක්.

ඒ වගේම තමයි රටේ නැති තරම් යකඩ කෑලි බෙල්ලේ සහ අත් වල එල්ල ගන්න එකෙන් ක්ලාස් එක ක්ෂණයකින් පහත වැටෙනවා. පාවිච්චි කරන්න අරුමෝසම් නැති හොඳ අත් ඔරලෝසුවක්. වළල්ලක් හෝ මොන්ඩියල් එකක් දාන්න ඕනෑ නම් සරල ඒත් වටින පෙනුමක් තියෙන එකක්. අනික අත පිරෙන්න පිරිත් නූල් නැතිනම් දේවාල නූල් බැඳගෙන ඉන්න එකත් ක්ලාස් එකක් නැහැයි කියන්න හොඳ නිදර්ශනයක්. පිරිත් නූලක් නම් අතේ තියෙන්න ඕන එක පිරිත් නූලයිනේ.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here