ක්‍රීඩා අමාත්‍ය ධූරය වරලත් ගණකාධිකාරිවරයෙකුට

0
20


නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සුනිල් කුමාර ගමගේ පත්ව ඇත.ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස මෙන්ම ආර්ථික කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද,ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කොළඔ දිස්ත්‍රික් සභාපති ලෙස ද කටයුතු කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශයට වඩා වැදගත් වන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් කළමණාකාරවරයෙකුය.ආර්ථිකය රජය පැත්තෙන් ක්‍රීඩාවට හිතෛශීව හැදින මෙහෙයවීය හැකි පුද්ගලයෙකු වැදගත් වන්නේ කුමකට ද යන්න අප ඊයේ තැබූ සටහනින් ද පෙන්වා දුන්නේය.ක්‍රීඩාවට ජාත්‍යන්තර මට්ටමේ වෙළද සමාගම් ආකර්ශණය කර ගනිමින්,ඒ වෙනුවෙන් ඔවුන්ට ලබා දෙන රාජ්‍ය අනුග්‍රාහකත්වය මෙන්ම ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති බදු බරත්,ශ්‍රී ලංකාවට කිසිසේත්ම අදාළ නොවන ක්‍රීඩා භාණ්ඩ වෙනුවෙන් නිදහස් කර තිබෙන බදු පිළිබඳවත් සොයා බැලීමට නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතුය.

මෙහිදී අමාත්‍යවරයා වඩාත්ම පරිස්සම් සහගත විය යුතු වන්නේ ක්‍රීඩා අමාත්‍යංශයට ගොඩ වෙන පළමු මොහොතේම මේ අමාත්‍යංශය සහ ක්‍රීඩාව හදන්න පැමිණි හොඳම ඇමති ඔබ බව පවසමින් සමීප වීමට උත්සාහ කරන අයගෙන්ය.අවසානයේ ඇමතිවරු නික්ම යන විට ක්‍රීඩාවටවත් ඇමතිටවත් වූ හොඳක් නැති වුව ද,ඒ අය ගැන හොයා බලද්දි පෞද්ගලිකව ඔවුන් තමන්ට හොද දේවල් බොහෝ කර ගෙන තිබෙනු ඇත.
අප අලුත් ඇමතිවරයාට සුබ පතමු.ක්‍රීඩා පනත ලංකාවේ අනිත් නීති සමඟ වෙනස් විය යුතු සමපාත විය යුතු තැන් හදුනාගෙන ක්‍රියාත්මක කිරීමටත්,ක්‍රීඩාවේ වෙනස්කම් සිඳු කිරීමේදී දැනට සිටින පරිපාලන ව්‍යහුයන් සමඟ පෞද්ගලික ආරෝවන් ඇති අය පත් කර ගැනීමෙන් වැළකීමටත් අවධානය යොමු කරන්නේනම් බොහෝ ක්‍රීඩා ඇමතිවරුන් සිඳු කළ කැහි ගෑණි දී හොටු ගෑණි ගැණිම් සිඳු නොවනු ඇත.
දැනට රගර් සහ නේට්බෝල් සමඟ ප්‍රධාන ක්‍රීඩා ගණනාවක් එහි විසුරුවා ඇති සංගම්වල බලපෑම් යටතේම පවතින බවත්,ඒවාට නිදහසේ නව නිලවරණ පවත්වා ඉදිරියට යාමට අවශ්‍යය පරිසරය සකස් කර දී,ක්‍රීඩා අමාත්‍යංශය පිටතින් වැදගත් නිරීක්ෂනයක වෙදෙමින් පවතින තත්ත්වයන් තාර්කිකකව පක්ෂපාතී නොවී සමාලෝචනය කිරීමත් වැදගත් අතර ඇතැම් ක්‍රීඩා සංගම් ණය කළ,ලෝකයට දඩ ගසන්නට තරම් වැරදි කළ නිලධාරීන්ට ලෝකයේම වගකීම් දරන්නට ඉඩ දී,ඒවා අපේ කාලයේ නොවන බව කියමින් කර අරිමින් සිටීම නව අමාත්‍යවරයා යටතේ සිඳු කරන්නේනම් නිලධාරීන්ට ද ඒවා ඉස්සර එවා කියා වැරදිකරුවන්ට නිදැල්ලේ ඔටුනු දරන්නට දීම ඇහිරිය හැකි වනු ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here