ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ,ක්‍රීඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න සහ තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර පැවත්විණි.
ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව, ක්‍රිකට් ක්‍රීඩාව සඳහා වෙන්කර ඇති ක්‍රීඩාංගණ වඩාත් තිරසාර ලෙස වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳව හා සංචාරක ප්‍රවර්ධනය උදෙසා ක්‍රිකට් ක්‍රීඩාව යොදා ගත හැකි ආකාරය පිළිබඳව ද මෙහෙදී සාකච්ඡා කෙරිණි.
වත්මන් ක්‍රිකට් ආයතනයේ යාන්ත්‍රණය පිළිබඳව හා පැන නැගී ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා වූ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
රටෙහි අනෙකුත් ක්‍රීඩාවන් සංවර්ධනය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ දායකත්වය ලබා ගැනීම, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම අනෙකුත් පාසල් ක්‍රීඩා සංවර්ධනය සඳහා ද ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.
ඉහත දක්වා ඇත්තේ ක්‍රිඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයට අනුව ඔවුන් එම හමුව පිළිබඳ දැක් වූ අදහස්ය.ක්‍රිකට් පරිපාලනය සහ අනෙකුත් ක්‍රීඩා පරිපාලන මෑත ඉතිහාසයේ විශාල ලෙස දුරස්ථව ඇත.ඒ පාලනයේ හැඩයෙන් සහ ආර්ථිකමය හැඩයෙන්ය.ඒ ආර්ථිකමය හැකියාවට ජානමය වශයෙන් කරන පෙළඹවීම් සමාජය පුහුණු කර ඇත්තේ ඉරිසියා කිරීමටය.ඇහේ කටු අනින්නා වගේ වැඩක්ය.මේ සියල්ල විසින් එළව එළවා පහර දෙන තත්ත්වයක් තුළ වුව,ක්‍රිකට් සෙසු ක්‍රීඩාවන් හී ජයග්‍රහණ පිටුපස ද,රටේ නොයෙකුත් සමාජ අවශ්‍යයතාවයන් ඉටු කිරීමේ සම්පත් දායකත්වය තුළ ද,ආධාර අනුග්‍රහ සඳහා යොමු වී ඇත.ඒ යොමුවීම් මුූල්‍යමය වශයෙන් ගණන් බැලුවොත්,ඇතැම් විට රටේ ක්‍රීඩා අමාත්‍යංශය සතුව වියදම් කරන්නට එවන් මුදලක් නොතිබෙන්නට ද ඉඩ ඇත.
සාකච්ඡාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා එම කටයුතු අඛණ්ඩව සිඳු කරගෙන යාමට අවශ්‍යය සහයෝගය ඉල්ලීම වැදගත්ය.‘ක්‍රීඩා අරමුදලට මෙච්චරක් දීපං‘ කියා තමන්ගේ බලය පෙන්නන්න ගොස් රටත් ක්‍රීඩාවත් දෙකම අමාරුවේ දැමූ ඇමතිවරුන්ගේ අභාෂයෙන් ඈත්ව ඒ ක්‍රියා කළ ආකාරය යහපත්ය.රටේ ක්‍රීඩාවේ මුදල් ගලා එන උල්පතක් බවට ක්‍රිකට් පත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇති ජාත්‍යන්තර වටිනාකම තුළය.එම ජාත්‍යන්තර වටිනාකම නිසා ගලා එන මූල්‍යමය වටිනාකම් බොහෝ විට කවුරු පරිපාලනයේ සිටියත් වෙනස් වන්නේ නැති තරම්ය.වර්ථමානයේ ක්‍රිකට් පරිපාලනය එම විටිනාකම් සාර්ථක ලෙස කළමණාකරනය කරමින්,තවත් ක්‍රීඩාවලට උදව් කරමින් සහ රටේ ක්‍රිකට් සංවර්ධන වැඩවලට මූල්‍යමය වශයෙන් අවශ්‍යය ශක්තිය දෙමින් සිටියත්,එය මහා මුදල් ඇති ක්‍රිකට් පරිපාලනයම සේවක වැටුප් ගෙවා ගත නොහැකි තරමට හිස් කළේය.ඒත් පරිපාලනයක් තිබියදී ය.
Sri News Media