ක්‍රිකට් ඡන්ද අඩකටත් වඩා කප්පාදු වෙයි

0
14


ක්‍රිකට් නිලවරණයේ දී භාවිතා කළ ඡන්ද ප්‍රමාණය 147 සීට 60 ද්කවා ගෙන ඒමට තීරණය කර තිබෙනවා.එය ද ක්‍රීඩා සමාජයකට ස්ථීර සහ සදාකාලිකව රඳවා ගැනීමේ හැකියාවද අභියෝගයට ලක් කර තිබෙනවා.ඒ මොහොතේ ඇති වටිනාකම අනුව ඡන්ද බලය තීරණය වන පරිදි එම ඡන්ද අයිතිය බෙදා යන පරිදි කටයුතු සැළසුම් කර තිබෙනවා.

විවිධ පාර්ශවවල විවිධ චෝදනා සමඟ විවේචනයට පාත්‍ර වූ කරුණු සම්බන්ධයෙන් ස්වීය නිර්වද්‍යතාවය ඉදිරිපත් කිරීමට කාලය මරා දැමීමට වඩා,එවැනි සැක සහ චෝදනා ඇති විය හැකි අන්දමට ඇති හිස් තැන් පුරවා යහ පාලනය, විනිවිදභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හී කැපවීම පිළිඹිඹු වන ආකාරයට ද නව ක්‍රමවේදය සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.එය අනාගතයේ පත්වන ඕනෑම ක්‍රිකට් පරිපාලනයකට වැඩ කිරීමේ යහපත් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමක් ලෙස ගත හැකියි.

තවද, මූල්‍ය කළමනාකරණයේ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා ද පියවර අලුතෙන් හඳුන්වා දී පාරදෘශ්‍යභාවය තව දුරටත් තහවුරු කරන සංශෝධන ද ක්‍රිකට් ආයතන ව්‍යවස්ථාව වෙනසකට භාජනය කිරීම ද සිඳු කිරීමට සැළසුම් සකස් කරමින් සිටිනවා.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here