කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි

0
6

 

මොණරාගල දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් දොඹගහවෙල දෙමට බැද්ද ප්‍රදේශයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.

ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීම වෙනුවෙන් මෙම කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එම ස්ථානයේ තිබී කසිප්පු නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගෝඩා බැරල් සහ උපකරණ රැසක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකි.

සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් දොඹගහවෙල පොලිසිය විමර්ශන සිදු කරයි.

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here