කසාදේ කැඩෙන්න වගේද යන්නේ? කොහොමද ඒක දැනගන්නේ? – Sri News

0
6

ඕනම දෙයක් අනිත්‍යයි කියලා අපි හැමෝම දන්නවනේ. එතකොට ඉතින් අවුරුදු ගණන් ලව් කරලා, රටටම කිරිබත් බෙදලා අවුරුදු ගාණක් පවුල් කාලා වුණත් කසාදේ හබක් වෙන්න පුළුවන්. ඇත්තටම කසාදේ හබක් වෙන්නෙ නැතුව ඒක මරණයෙන්ම කෙළවර වෙනවා නම් ඉතින් හොඳයි. ඒත් ඉතින් අපිට එහෙමම වෙනවා කියන්න බෑ. ඕන තරම් මගදී හැරෙන්න සිද්ධ වෙන්න පුළුවන්.

දැන් කසාදේ ඉවර වේගෙන එන්නේ කියලා දැනගත්තහම මොකද්ද තියෙන හොඳේ? පළවෙනිම දේ තමයි අපිට කසාදේ බේරගන්න පුළුවන් නම්, කල් තියාම දැනගත්තහම ඒකට මොනවා හරි කරන්න පුළුවන්. ලෙඩක් වුණත් කල් තියා දැනගන්න තරමට ලෙඩා බේරගන්න පුළුවනිනේ. දෙවෙනි එක, කසාදේ බේරන්න බැරි ලෙවල් එකේ නං තියෙන්නේ, තව දුරටත් දෙන්නට දෙන්නා එකට වාසය කරන්න බැරි ලයින් එකක් නම් යන්නේ, කසාදේ බේරන්න බැහැයි කියලා කලින් දැනගත්තොත් දෙන්නා මරාගන්න, බැණ අඬගහගන්න, එකිනෙකාගේ බොටුව මිරිකගන්න යන්න කලින්, අඩු තරමින් සුහද සිතින් හරි වෙන් වෙන්න පුළුවන්. 

අන්න ඒ නිසා, අපි හිතුවා විවාහයක් අවසාන වේගෙන යන්නේ කියලා හිතාගන්න පුළුවන් සංඥා කීපයක් ගැන කතා කරන්න.

 

මතකද ලව් කරන කාලේ? ආයෙ ඉතින් හවසට මල් කැඩිල්ල පටන් ගත්තට පස්සේ රෑ එලිවෙනකලුත් මල් කැඩිල්ල යනවා. ආයෙ උදේට පටන් ගන්නවා. හැබැයි ඉතින් ඔය ලව් කරන කාලේ තිබ්බ කොච්චරවාත් කතා කිරිල්ල ටික කාලෙකින් අඩු වෙනවා. සෙට්ල් වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම අඩු වෙන්නෙ නෑ. තාමත් ඔෆිස් එකේ ඉන්නකොට කෝල් එකක් දීලා බලනවා. ගෙදර ආවහම ටික වෙලාවකට හරි කතා කරන්න සෙට් වෙනවා. වැදගත්ම දේ වෙන්නේ, දෙන්නට කතා කරන්න දේවල් තියෙනවා.

හැබැයි ලව් එක ඈලියාවට යනකොට වෙන ප්‍රධානතම දෙයක් වෙන්නේ, දෙන්නට කතා කරන්න දේවල් නැති වෙන එක. තවදුරටත් දෙන්නම එන්ජෝයි කරන පොදු මාතෘකා නෑ. ආන්න ඒ කියන්නේ කසාදෙට රතු එළි පත්තු වෙනවා කියන එක තමයි.

 

මේ කියන්නේ සාමාන්‍යයෙන් කොහොමත් හොස්ස ලඟින් මැස්සා යන්න බැරි ඩයල් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් එහෙමට තද වෙන්නෙ නැති මනුස්සයෙක්ට, ටික කාලෙක ඉඳන් ගෙදර උන්දෑ මොනවා කළත් තද වෙනවා නම්, කොයි වෙලෙත් රවා ගත්තු ගමන්, බුකවා ගත්තු ගමන් නම් ඉන්නේ, ගෙදර උන්දෑ මොන දේ කළත් ගේම ඉල්ලන ලයින් එකේ නම් ඉන්නේ, ඒ කියන්නේ විවාහ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තමයි. ඉතින් අපි නම් ගෙදර උන්දෑ, අපිට තේරුම් ගන්න වෙනවා මෙතන නිකම්ම වර්ක් ස්ට්‍රෙස් එකට හරි වෙන මොකක් හරි ස්ට්‍රෙස් එකකට හරි තදවෙනවට වඩා වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා.

 

සාමාන්‍යයෙන් ඔය කසාද බැඳලා අවුරුදු දහයක් පහළවක් ගෙවුණු කපල් එකකගෙන් සෙක්ස් ලයිෆ් එක ගැන ඇහුවොත් කියයි, නෝනගෙ අහවල් එක නැතිනම් මහත්තයාගේ අහවල් එක දැක්ක කාලයක් මතක නෑ කියලා. හරි, බැන්ද දවස් වල වගේ උදේට එකයි, හවසට එකයි, නින්දට පෙර එකයි විදියට සෙක්ස් කෙරෙන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් සතියකට දෙහෙකට එක පාරක් හරි සෙක්ස් කෙරෙන්න ඕන. එහෙම නැතිනම් ඉතින් විවාහ ජීවිතේකින් ඇති වැඩක් නෑනේ. එතනදී ඇත්තටම සෙක්ස් නැතත් අර ඉන්ටිමසි කියන සමීපත්වය හරි තියෙන්න ඕන. හැබැයි එහෙම නැතුව, හස්බන්ඩ් සහ වයිෆ්ට වෙන වෙනම ඇඳන් දෙකක නිදාගන්න හිතෙන මට්ටමට වැඩේ සීතල වෙලා නම්, දෙන්නට දෙන්නා අතර කිසිම උණුහුමක් නැති නම්, ඒ කියන්නේ මැරේජ් එක ඈලියාවට යමින් තියෙනවා කියන එක තමයි.

 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here