කය ලෙඩ උනත් සිත නිරෝගී – Sri News

0
3


☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

වේදනානුපස්සනාව කියන්නේ සතර සතිපට්ඨානයේ ම කොටසක්.

 

විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨානය වඩන්නට අවශ්‍යයි. තරුණ මහලු කියලා ඒකට බේදයක් නැහැ .අවශ්‍ය වන්නේ බුද්ධිමත්කම පමණයි.
කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨානය ගැන යහපත් අවබෝධයක් තරුණ වයසේ ඉඳන්ම අපි ඇතිකර ගැනීම ඉතා වැදගත්.

මහලු වයසේ සිටින කෙනෙකු හොඳින් කායානුපස්සනාව වඩනවානම්…  වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ත් පිළිවෙළින් වඩනවා නම්… ඔහු ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වෙනවා.

පෘථග්ජනතාවයෙන් අත් මිදෙනවා. බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ නුවණ තිබෙන කෙනෙකු පිළිදැගුම් කරනවා කියලා කරනවා කියන එකේ අදහස් වන්නේ සාත්තු කරනවා කියන එකයි.

ඔහු තමන්ගේ ජීවිතයට සතු කරගන්න ඕන. තරුණ වයසේදී නැතිනම් මැදි වියේදී  එසේත් නැතිනම් මහලු වියේදී ජීවිතයට සැප සාත්තු කර ගත යුතුයි .

මේ යාම තුනෙන් එක් කාලයකදී හෝ ධර්මයේ හැසිරීම  වැදගත්.කායානුපස්සනාව තරුණ වයසෙදි වඩා තිබුනොත් ඔහු රෝගී වන විට මහලු වන විට කය ගැන හොඳින් තේරුම් ගන්නවා. වේදනානුපස්සනාව වඩා තිබුනොත් කායික වේදනාව එපමණක් නොවෙයි මානසික වේදනාවක් හොඳින්ම තේරුම් ගන්නවා චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඒ ආකාරයෙන් ම සිදු වෙනවා මේ නිසා සතර සතිපට්ඨානය තරුණ වයසේදී මැනවින් ප්‍රගුණ කර තිබුනොත් වයසට යෑමත් සමඟ සම්පූර්ණ කෙනෙකු බවට පත් වීමට හැකියාවක් ලැබෙනවා.

ධර්මයට කැමැත්තක් තියෙන තැනැත්තා වාසනාව තියෙන පුද්ගලයා බුද්ධිය හොඳින් හසුරවන්න පුළුවන් තැනැත්තා දුර කල්පනා කරන පුද්ගලයා ධර්මයේ හැසිරෙන්න ප්‍රමාද වෙන්නේ නෑ. ලැබුන වෙලාවක දී ධර්මයේ හැසිරෙනවා

ඒ වගේමයි අපේ ශරීරය ලෙඩ වෙන විට හිත ලෙඩ නොවී තබාගත යුතු ආකාරය පිළිබඳව බුදුදහම  මනා ලෙස පහදා දෙනවා.

බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් පැමිණියා නකුල පිතා කියලා පුද්ගලයෙක්. බුදුරජාණන් වහන්සේට කියා සිටියා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මනෝභාවය භික්ෂූන් වහන්සේලා මට නිතර දැකගන්නට ලැබෙන්නේ නෑ .ඒ නිසා මම කරන්නේ මගේ කය දැන් නිතර ලෙඩ දුක් සමග ජීවත්වෙන සිදුවෙනවා ගෘහපතියා මෙසේ කියා සිටියා බුදුරජාණන් වහන්සේ එවිට වදාළා පින්වත් ගෘහපතිය ඒ ප්‍රකාශය ඇත්තමයි .මේ කය ලෙඩ ගණනේ තිබෙන එකක්මයි.මේ කය ලෙඩ දුක් හටගන්න කැබැල්ලක් වගේ එකක්.වහා බිඳී යන විස්තරයක් වගේ යන එකක් යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් අපි තේරුම් ගත යුතුයි මෙවැනි කයක් පරිහරණය කරමින් මොහොතක් හරි නිරෝගීකම පිළිබඳව උදම් අනනවා නම් එය මේ කය ගැන තිබෙන නොදැනීමයි

බුදුරජාණන් වහන්සේ එය ගෘහපතියාට වදාළා ලෙඩවන කය ලෙඩ වෙලා ගියා වේ . තමාගේ සිත ලෙඩකර නොගෙන සිටීමට උත්සාහ ගත යුතු යි.කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විස්තර වශයෙන් අසා සිටියා එවිට සාරිපුත්ත හිමියන්ට වැඩිදුරටත් වදාළේ කය ලෙඩ නම් අවබෝධයෙන් එදෙස  බැලිය යුතුයි උන්වහන්සේ එහිදී පෙන්වා දෙන්නේ අවබෝධයෙන් පංච උපාදානස්කන්ධය දෙසම බැලිය යුතු බව එවිට රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධයම අවබෝධයෙන් බලමින් මම ය මගේය  මගේ ආත්මය කියන අදහස බැහැර කරලා හේතුඵල දහමේ ක්‍රියාදාමය සාදන අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් සිදු වෙද්දී ඔවුන් ජීවිතය ගැන තේරුම් ගත්තා නම් එය මයි ඔහුට තියෙන අවබෝධය ලෙස පැහැදිලි කලා

එනිසා කය ලෙඩ වෙනකොට හිත ලෙඩ නො වීමට අපි වග බලා ගන්නට අවශ්‍යයි. නමුත් බොහෝ දෙනෙකුට වෙන්නේ මීට වෙනස් දෙයක්. එක පාරක් වැටෙද්දී එයා සිය වතාවක් මානසිකව වැටිල. ඒ නිසා කය යන්තමින් රෝගී වන විට මනසින් ඊට වඩා ඉදිරියෙන් ලෙඩවෙලා. අවසන සිදුවිය යුත්තේ ඒක නොවෙයි. භය වෙන විට මනස ලෙඩ නො වීමට අප නිතරම සතිපට්ඨානය වැඩිය යුතුයි එවිට මේ අනවශ්‍ය .
බැඳීමෙන් අපට නිදහස් වන්නට පුළුවන්

සහෝදරත්වයෙන් එක්වෙමු!

© Buddhist Brotherhood

 

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here