කන්‍යාභාවය ඇත්තටම වැදගත්ද? – Sri News

0
5

ඇත්තටම මේ වගේ ටොපික් එකක් මේ විදියට කතා කරන එක සමහරුන්ට බොන්න ඕන වෙන ප්‍රශ්නයක්. මොකද, තවමත් අපේ සමාජේ කෙල්ලෙක්ගේ කන්‍යාභාවය බලන මිනිස්සු, කන්‍යාභාවය තිබීම හෝ නැතිවීම අනුව ඒ කෙල්ලගේ අගය මනින මිනිස්සු ඉන්නවා. එහෙම කන්‍යාභාවයෙන් කාන්තාවක් වටිනවද කියලා තීරණය කරන මිනිස්සු ඇත්තටම කෙල්ලෙක්ව දකින්නේ බඩුභාණ්ඩ හැටියට තමා. ඒ කියන්නේ, කන්‍යාභාවය තියේ නං ප්‍රීමියම් කොලිටි. එහෙම නැතිනම් කොලිටි මදි. ඔන්න ඔය විදියට. හැබැයි ඉතින්  ඒ කන්‍යාභාවයේ කතන්දරේ තියෙන ප්‍රශ්නේ මේකයි. ගැහැණුන්ගේ සැබෑ වටිනාකම් වලට ඉඩක් නොලැබීම සහ ගැහැණියක් නිකම් කඩේ විකුණන්න තියලා තියෙන බඩුභාණ්ඩ වල තත්ත්වයට පහලට දැමීම තමයි ප්‍රශ්නේ. අනික් එක මොකද මේ රටේ කොල්ලන්ගෙ කන්‍යාභාවය බලනවද? නෑනේ. කොල්ලන්ගේ බලන්නේ ඉතින් සුරාසූදුවෙන් තොරයිද කියන එක තමයි.

කොහොම වුණත් කාන්තාවකගේ කන්‍යාභාවය තිබීම හෝ නැතිවීම අනුව ඇය පිරිසිදුද නැද්ද කියලා මනින කතන්දරේ සම්පූර්ණයෙන්ම හණමිටි අදහසක් කියලා සමහරු කියනවා. ඒ අතරේ 2021 අවුරුද්දේ ජීවත් වෙන තවත් සමහරු කියනවා ඒවා අපේ සංස්කෘතියෙන් ආපු වටිනා සාරාර්ථ කියලත්. ඒ ගැන ඉතින් ඔය දෙගොල්ලෝ සෙට් වුණු වෙලාවක වාද විවාද කරගන්නලා. අපි හිතුවා, කන්‍යාභාවය ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරලා, ඇත්තටම තමන්ගේ කන්‍යාභාවය ගැන වද වෙන කෙනෙක්ට ඒ ගැන පැහැදිලි අදහසක් ලබාගන්න ඉඩ හදලා දෙන්ඩ.

 

පොදුවේ කන්‍යාභාවය කියලා චෙක් කරන්නේ කාන්තාවකගේ යෝනිමාර්ගය ඇතුළත, යෝනිමාර්ගයේ විවරය අසල තියෙන හයිමනය නැත්තං කන්‍යාපටලය බිඳිලා ගිහින්ද නැද්ද කියන එක තමා. මෙතනදී තියෙන පොදු පිළිගැනීම තමයි පළමු ලිංගික සංසර්ගයේදී තමයි කන්‍යාපටලය බිඳිලා යන්නෙ කියන එක. හැබැයි ඒක වැරදි මතයක්.

ලංකාවේ කන්‍යාභාවය මනින ක්‍රමේ හරිම සරලයි. මඟුල් දවසේ රෑ ඇඳට දානවා සුදු රෙද්දක්. දැන් පොතේ හැටියට මනමාලි කන්‍යාවක් නං පළමු ලිංගික එක්වීමේදී කන්‍යාපටලය බිඳිලා ලේ යන්න ඕනනේ. එතකොට පහුවෙනිදට රෙදි නැන්දා ඇවිත් බලනවා සුදු රෙද්දේ රතු ලේ පැල්ලම තියෙනවද කියලා. ඉස්සර එහෙමයි, දැන් නං මනමාලයගේ පැත්තේ වැඩිහිටි ගෑණු කෙනෙක් තමයි මේක බලන්න එන්නේ. ඔය කොල්ලො කටකැඩිච්ච කමට ජපං කොඩිය දැම්මද කියල අහන්නෙත් මේක ගැන තමා.

 

සෙක්ස් කියන්නේ යෝනි මාර්ගික සංසර්ගය කියලා හිතාගෙන ඉන්න අයට ඒක එහෙම තමා. හැබැයි යමක් කමක් දන්න එකෙක් දන්නවා, කන්‍යාභාවයට හානියක් කරගන්නේ නැතුව සෙක්ස් කරන්න ඕන තරම් ක්‍රම සහ විධි තියෙනවා කියන එක. සෘජු ලිංගික සංසර්ගය කියන්නේ එක දෙයක් විතරයි. මුඛ සංසර්ගය, ගුද සංසර්ගය සහ කලවා ආශ්‍රිත සංසර්ගය වගේ දේවල් ලංකාවේ භාවිතා වෙනවා. එතකොට සමලිංගික කාන්තාවකට නම් ඔතන ගැටළුවක් ඇත්තෙම නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑනේ!

තව දෙයක්. ඕන නං නැතිවුණු කන්‍යා භාවය නැවත ලබාගන්න පුළුවන් සරල සැත්කමක් තියෙනවා. මේක කිසිසේත්ම නීතිවිරෝධී නෑ. බය වෙන්න දේකුත් නෑ මොකද මේක සරල සැත්කමක්. මේ හයිමොනෝප්ලාස්ටි සැත්කම ලංකාවේත් සිදුකෙරෙනවා කියලා අහන්න ලැබෙනවා.

 

එකක් මතක තියාගන්න ඕන. කන්‍යාභාවය බලන්නේ, ඒකට අගයක් දෙන්නේ ලංකාවේ විතරක් නෙවෙයි. ලෝකේ සෑහෙන රටවල්, සෑහෙන්න සංස්කෘති මේ කන්‍යාභාවය කියන සීන් එකේ හිටියා. හැබැයි ගොඩක් රටවල මිනිස්සු නවීන කාලේ වෙනකොට ඔය කන්‍යාභාවය කියන්නේ හණ මිටි අදහසක් කියලා තේරුම් අරගෙන ඉස්සරහට ඇවිත් තියෙනවා. දැන් කාලේ එහෙමත් කෙනෙක් තමයි ඔය කන්‍යාභාවය කරේ තියං යන්නේ.

 

ලංකාව ගත්තොත් කන්‍යාවක් කියලා කියන්නේ, පිරිමියෙක්ගේ හුළඟක් වත් නොවැදුණු, පිරිමියෙක් අතින් වත් අල්ලලා නැති කාන්තාවකට තමයි. හරි, අපි කියමු කන්‍යාව කියන්නේ කන්‍යාපටලය අදාළ දේකට නෙවෙයි, මීට කලින් පිරිමියෙක් එක්ක කිසිම ලිංගික ක්‍රියාවක යෙදිලා නෑ කියන සංකල්පයට කියලා. ඒත් මහත්තයෝ ඕක කොහොමෙයි හොයන්නේ? 

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here