කන්තෝරු දුම්රියේ යන එන තැන් – How Lankans travel in trains – Sri News

0
5

කලකට පෙර බස් රිය වල පාපුවරුවේ ඇම් ඇම් ඕගනයිශේෂන් එකෙන් අලවපු ස්ටිකර් එකක මෙන්න මෙහෙම කවියක් තිබුනා.

අප හට සිදුවේය ලොකු ලොකු දඩ කන්න

සෙසු සැමදෙනා හට සිදුවෙයි තෙරපෙන්න

ඔබගේ පොකැට්ටුව ඉඩ ඇත නැතිවෙන්න

ඇතුලට ගිහින් දොරටුව ලග ඉඩ දෙන්න

 

ඔය විදියට බස් රියේ තරමක් ලොකු අකුරින් ගහල තිබුණත් අපේ අය නම් ඒවා බලලා කාරිය ෆුට් බෝඩ් එකේ නොයා ඉදීවිද? හරියට ගාන්ට තිතට අනික් අයට ඉඩදීල ඇතුලට යාවිද? නෑනේ. බස් රියක නම් ලාංකික කොන්දොස්තර මහත්වරුන්ගේ එක වගකීමක් තමයි මගීන් පිලියෙල කිරීම. පේලි විදියට ගාණට පැක් කරගෙන තවත් ඉඩ තිබේනම් ඒ තැන්ද පුරවාගෙන යාම තමයි කොන්දොස්තර මහතාගේ මූලික අරමුණ. ඒත් කොච්චියේදී ඒ විදියේ බලෙන් ඇතුලට යවන්න දොර ගාව කොන්දොස්තරලා නෑහැ. ෂර්ට් එකේ පාට පෙන්වලා හැරෙන්න පෙරලෙන්න සයිඩ් වෙන්න කකුල් ගන්න කියන්න කෙනෙක් කෝච්චියේ නැහැ. ඉතිං අපි බලමු කෝච්චියේ වැඩිපුරම ජනතාව යන්න කැමති තැන් ගැන.

 

පාපුවරුවේ ගමන් කරන්නට කැමති පිරිසක් සිටියත් මේ පිරිසට ඊටත් එහා ගිහින් පාපුවරුවේ එක් පයකින් පමණක් වාරු වී අතින් බාර් එක අල්ලාගෙන දුම්රියට සිය දායකත්වය අඩුවෙන් ගමන් යන්නට කැමති පිරිසකි . උදෑසන සහ සන්ධ්‍යාවේ දුම්රියේ තිබෙන තදබදය එක්ක ඇතුලේ මහ පුදුමාකාර ඌෂ්ණයක් ජනනය වෙනවා. ඒ අස්සේ දුම්රිය සිග්නල් නැතුව නැවතුනොත් තව ටිකක් ඇගට අමාරුයි. ඉතිං ඒ නිසා හුලං වැදි වැදී ෆුට් බෙෝඩ් එකෙන් එලියේ යන්න ඇතැම් අය සිතනවා. සමහර අය නම් කොපමණ කල් වුවත් වඳුරා නොයේ බිම නම් ආදී ලෙස සිය ගමන ෆුට් බොඩ් එකෙන් ඇතුලට නම් පය තබන්නට කැමති නැහැ.

 

ආසන වලට වැඩිම මනාපයක් දක්වන්නේ කාන්තා පාර්ශවය. විද්‍යාත්මකව ගත්තා වුණත් ටිකක් බර උකුල් පෙදෙසක් හිමි කාන්තාවන් වාඩිවී සිටීම ඇගේ බර දරාසිරීමට වඩාත් උපකාරී වෙනවා. කාර්යාල දුම්රිය වලනම් බහින අය සහ ස්ථාන හොදින් දන්නා නිසාත් දන්නා අඳුරන අය නිතර සිටින නිසාත් මාරුවෙන් මාරුවට වාඩි වී යන අවස්ථාද තිබෙනවා.

 

කෝච්චියෙ සෙනග අම්බානක වැඩිවෙලා තව ටිකක් වැඩි වුණාම යන්නම තැනක් නැති වුණාම කෝච්චියේ තිබෙන ඇණ මුරිච්චි වල පවා එල්ලිගෙන ජනතාව වැඩට යන්නේ තමුන් ම පත්කල මහජන නියෝජිතයින්ගේ නෑදෑ සනුහරේම මතක් කරමින්. ඒ වැනි අවස්ථාවල දුම්රිය මැදිරි දෙක අතර පිටතින් පවා ජනයා එල්ලී යනවා.ඒ වගේම මෙම පෙට්ටි දෙක අතර තිබෙන චලනය වන තරමක් අවදානම් ස්ථානයේ දුම්රිය ඇතුලේ ගමන් කරන්නත් ආස අය සිටිනවා. ඔවුනට අනුව එතන වැඩි තෙරපුමක් නැති සාමකාමී ස්ථානයක්.

 

ඇතුල ඉඩකඩ තිබුණත්

Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here