එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ කථානායකවරයා මුල් අවස්ථාවේදී ඔහුට ආචාර්ය උපාධියක් ඇති බවට සහ විවිධ උපාධි ඇති බවට පෙන්වා ජනතාව රවටා ඇති බවයි.
ඒ අනුව කථානායකවරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවයි කාරියවසම් මහතා කියාසිටියේ.
මේ සඳහා සමස්ත විපක්ෂය මෙන්ම හෘද සාක්ෂියට එකඟ ආණ්ඩුවේ පිරිස්ද මේ සඳහා දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම පැවසුවේය.
තමන් සම්බන්ධව වංචනිකව යම්කිසි අධ්‍යාපන සුදුසුකමක් ජනතාවට දැනුම්වත් කරලා තිබියදී එය වැරදි බවට හෙළිව ඇති බවත් දැන් කථානායකවරයා කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ සමස්ථ පරිපාලනයට ගරු කරමින් එම තනතුරින් වහාම ඉවත් වීම බව කාරියවසම් මහතා තවදුරටත් සඳහන් කරන ලදී.
එය සමස්ත රටටම ඉතාම හානිදායක තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media